කැලිෆෝනියාවේ සැණකෙළියක වෙඩි තැබීමක්: 3ක් මරුට - 15කට තුවාල කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ පැවති ආහාර සැණකෙළි අවස්ථාවකදී අවිගත් පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් ඊට සහභාගී වූ තිදෙනෙකු මිය ගොස් 15ක් තුවාල ලබා ඇත. 29 July 2019
පෙන්ටගනයට වෙන් කළ මුදල් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට වෙන් කර ඇති මුදල්වලින් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර තාප්පය ඉදි කිරීමට හැකියාව ඇතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. 29 July 2019
චීනයේ නායයෑමකින් 30ක් මරුට චීනයේ දකුණු දිග ගුයිෂු පළාතේ සිදුවූ නායයෑමක් හේතුවෙන් 30දෙනකු මියගොස් 15දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 29 July 2019
මියන්මාරයේ පතලක නායයෑමකින් 18ක් මරුට මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක් නායයෑමකින් පුද්ගලයින් 18දෙනකු මියගොස් ඇත. 28 July 2019
ඉන්දියාවේ ගංවතුරේ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරුවක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර තත්ත්වයත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීම පහසු කිරීම සඳහා චීනය, ඉන්දියාව සමඟ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගෙන ඇත. 27 July 2019
මුම්බායිහී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130 ක් දිල්ලි පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ‘නවි මුම්බායයි’ නගරයේ දී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2019
වයඹ දිග සිරියාවේ ලක්ෂ 4 ක් අවතැන් වී ඇතැයි එ.ජා.සංවිධානය කියයි ඉකුත් මාස තුනක කාලයේදී වයඹ දිග සිරියාවේ 400,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (26) සඳහන් කළේය. 26 July 2019
බ්‍රසීලයේ ගුවන්තොටුපළකට ආ අවිගත් පිරිසක් ඩොලර් මිලියන 40ක රත්රන් පැහැර ගනී බ්‍රසීලයේ සාවෝ පෝලෝහි ගුවරුල්ලෝස් ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්තය වෙත කඩාවැදුණු අවිගත් පිරිසක් රත්රන් හා වටිනා ලෝහ තොගයක් සොරාගෙන ගොස් ඇති අතර සේවකයින් දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. 26 July 2019
මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වී 150 ක් මරුට ලිබියාවට නුදුරින් මුහුදේදී සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 150 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පවසයි. 25 July 2019
ගාන්ධිගේ ඝාතනයට සිරදඬුවම් විඳින නලිනිට මාසයක නිවාඩුවක් සිය දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් ලබන නලිනි ශ්‍රීහරන් අද (25) බන්ධනාගාරයෙන් නික්ම ගියාය. 25 July 2019
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. 25 July 2019
උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් යවයි උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගත කළ බව දකුණු කොරියාව පවසයි. 25 July 2019
දෝනි ඉන්දීය හමුදා ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරයක ඉන්දීය දේශසීමා හමුදාවේ ගෞරවාන්විත ලුතිනන් කර්නල්වරයකු වන එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හමුදා නිල ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරවල යෙදුණු බව ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරයි. 25 July 2019
‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘ රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේය. 25 July 2019
ඇමෙරිකා - චීන වෙළඳ සාකච්ඡා යළි ඇරඹේ වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින වෙළෙඳ අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඇමෙරිකානු හා චීන නිලධාරීන් අතර සාකච්ඡා ලබන සතියේදී ආරම්භ වන ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 July 2019
ඉන්දියාවේ පතලක නායයෑමකින් 4 ක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක සිදුවූ නායයෑමකින් සේවකයින් සිව්දෙනකු මියගොස් නවදෙනකු තුවාල ලබා ඇත. 24 July 2019
බොරිස් ජොන්සන් කන්සවටිව් පක්ෂයේ නායකත්වයට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (23) තේරී පත්විය. 23 July 2019
කිලෝ 8800ක ඇත්දළ තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට සිංගප්පූරු බලධාරීන් විසින් කිලෝග්‍රෑම් 8800ක ඇත්දළ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ඩොලර් මිලියන 12.8ක් පමණ වටිනා මෙය සිංගප්පූරුවේදී සොයාගත් විශාලම ඇත්දළ තොගය බව පැවසේ. 23 July 2019
රුසියානු යානා වලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් තම ගුවන් සීමාවට පැමිණි රුසියානු පිරික්සුම් යානාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර නිකුත් කළ බව දකුණු කොරියාව පවසයි. 23 July 2019
ට්‍රම්ප් ඉන්දු - පාකිස්තාන අර්බුදය විසඳන්න සූදානම් කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (22) පැවැසීය. 22 July 2019
ඉන්දියාවේ කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ අරමුණින් ඉන්දියාව විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එරට නිලධාරීහු දෙදෙනක් අද (22) ප්‍රකාශ කළහ. 22 July 2019
ඇමෙරිකාවේ මැතිවරණවල ආරක්ෂාව ගැන වෙනම ඒකකයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණවල ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව එරට ජාතික බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ඩෑන් කෝට්ස් මහතා පැවසීය. 22 July 2019
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වෙයි සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ දී දකුණු කොරියානු ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි දකුණු කොරියානු යොනැප් ප්රවෘත්ති ඒජන්සිය පවසයි. 22 July 2019
ඉතියෝපියාවේ ගැටුමකින් 4ක් මරුට ඉතියෝපියානු ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයින් 4දනෛකු වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තා වේ. 20 July 2019
කාබුල් සරසවිය ඉදිරිපිට පිපිරුමකින් අටක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාබුල් සරසවිය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අට දෙනෙක් පමණ මියගොස් 33 දෙනෙක් තුවාල ලබා ඇත.සිසුන් විභාගයක් සඳහා සරසවිය වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ලවී ඇත. 19 July 2019
ඉරාන ඩ්‍රෝන යානයකට වෙඩි තැබූ බව ඇමරිකාව කියයි ඉරානයට අයත් ඩ්‍රෝන යානාවක් හෝම්ස් සමුද්‍ර සන්ධියේ දී ප්‍රහාර එල්ල කර බිම හෙළු බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 19 July 2019
“ෆේස්ඇප්” මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන රුසියාවේ නිෂ්පාදිත “ෆේස්ඇප්” මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලීය. 19 July 2019
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බෝම්බ පිපිරීම් දෙකකින් 12 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් 12 දෙනෙක් මියගොස් බොහෝ පිරිස් තුවාල ලබා ඇත. 18 July 2019
ජපානයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 33 ක් මරුට ජපානයේ කියතෝ හි පිහිටි සජීවීකරණ නිෂ්පාදන සමාගමකට අයත් ගොඩනැගිල්ලක අද (18) ඇති වූ ගින්නකින් 33 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 18 July 2019
මරණ දඬුවම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය නැවත වරක් ඉල්ලයි ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අත්හිටුවන ලෙසත් අනාගතයේදී ද මරණ දඬුවම ලබා නොදීම සඳහා පියවර ගන්නා ලෙසත් යුරෝපා සංගමය සහ එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරු නැවත වරක් ඉල්ලා සිටිති. 18 July 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026