ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අමෙරිකානු ආර්ථීකයට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 229 ක් අහිමි වන බව නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.
එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4 %ක ප්‍රමාණයකි.
ගිනි අවි මඟින් ඇතිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන ගිෆෝර්ඩ්ස් නීති මධ්‍යස්ථානයේ සහ ආබාධ පාලන මධ්‍යස්ථානවල දත්ත මෙම වාර්තාව සඳහා උපයෝගී කර ගෙන ඇත.
ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා අමෙරිකාවේ සුවිශේෂී සමාජ ගැටලුවක් බව වාර්තාව නිකුත් කළ ඒකාබද්ධ ආර්ථීක කමිටුවේ සභාපති කැරොලින් මැලෝනි මහත්මිය පැවසුවාය.
අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂයකට ගිනි අවි ආශ්‍රිත මරණ 3.9 ක් වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය. වෙනත් කාර්මික රටවල මෙම අගය මරණ එකකට වඩා අඩුය.
-226-
(නිව්යෝක් පෝස්ට් ඇසුරෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ නිසා ඇමරිකානු ආර්ථිකයට කීයක් එකතුවෙනවාද කියලත් පළ කලානම් තමා වඩාත් සුදුසු. ලෝකයේ රට රටවල අවුල් සහගත තත්වයන් හා ඇමරිකානු ආයුධ විකිණීම ගැන ප්‍රස්ථාරයක් එක්ක සංසන්දනය කළානම් වඩාත් පැහැදිලි අවබෝධයක් ලෝකයාට ලබාදිය හැකිවනු ඇත.
එතකොට ඔහෙලා ලෝකයේ අනිත් රටවල් වලට දෙන ආයුධ ගැන කතාකරන්නේ නැද්ද? තමන්ට දෙයක් වෙනකොට තමයි දැනෙන්නේ...