ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග ක්වෙලාට් නගරයේ රෝහලක් ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් 10දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් රෝහල ඉදිරිපිටදී පුපුරා ගිය බවයි.
මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා වෛද්‍යවරුන්, හෙදියන් හා රෝගීන් වන බව සඳහන් වේ.
රෝහල ආසන්නයේ පිහිටා තිබෙන රජයේ බුද්ධි අංශ කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් සංවිධානය පවසා ඇත.
සාම සාකච්ඡා අසාර්ථක වීම සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය හේතුකරගෙන තලේබාන් සංවිධානය විසින් දිනපතා මෙවැනි ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd