උතුරු කොරියාව අද (2) තවත් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල වොන්සොන් වරායේ සිට සබ්මරීනයකින් ගුවන් ගතකර ඇති බවත් කිලෝමීටර් 910ක් උසින් කිලෝමීටර් 450ක් දුර ගමන් කර ජපන් මුහුදට ඇද වැටුණු බවත් සඳහන් වේ.
ඇමරිකාව සමග න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ඡා යළි අරඹන බවට උතුරු කොරියාව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම මිසයිල ගුවන් ගතකර ඇත.
ජපාන අග්‍රාමාත්‍ය ශින්සුවා අබේ මහතා මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේඋතුරු කොරියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයන් උල්ලංඝණය කර ඇති බවයි.
මෙය උතුරු කොරියාව විසින් මෙම වසරේ එල්ල කළ 11 වන මිසයිල ප්‍රහාරය ලෙස සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝමීටර් 910ක් උඩ ගිහින් ඕක ආය බිම වැටුණු එකත් ලෝක පුදුමයක්... මීටර් වලින් 910,000 ක්. අඩි වලින් අඩි ලක්ෂ 30ක් විතර...
බලවතුන් හැමදාම වෙර දැරුවේ තම බලය පෙන්නා තම අරමුණ ඉෂ්ට කරගැනීමට. මෙවැනි එක්කෙනෙක් හරි බලවතුන්ගේ ගර්ජන තර්ජන වලට බය නැතුව සිටීම ලෝකයාට සැනසීමක්.
කිලෝමීටර් 200-300 විතර යනකොට ඕනෙම වස්තුවක් පෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ගිලිහිලා අභ්‍යවකාශයේ කොහේ හරි යනවා මේක කිලෝමීටර් 910 උඩ ගිහින් අපහු හැරිලා ඇවිත් ජපන් මුහුදට වැටුන කියන එක හරිම අසාමාන්‍ය දෙයක් , මට වැටහෙන විදිහට මේ පුවත වැරදිලා ප්‍රචාරය වෙලා තිබෙන්නේ , හරිනම් මේක කිලෝමීටර් 91 විය යුතුය .