ඉන්දු ශාන්තිකර බලකාය අලුත්වැඩියා කළ නැගෙනහිර පළාතේ පාසල් 2ක් සිසු අයිතියට
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්දු ශාන්තිකර බලකාය විසින් අලුත්වැඩියා කරනු ලැබූ නැගෙනහිර පළාතේ පාසල් දෙකක් සිසු අයිතියට පත් කිරීම ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්රධානී ඇන්තනි රෙන්ෂුලි මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.