ඉන්දුනීසියාවේ ලැව්ගිනිවලින් හටගත් දුම වායුගෝලය පුරා පැතිරීම හේතුවෙන් පළාත් කිහිපයක පාසැල් වසා දැමීමට සිදුවූ බව බලධාරීහු පවසති.

සුළං හැමීම හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙන බවද කාලගුණ අංශ සඳහන් කර ඇත.

සති දෙකකට පමණ පෙරදී ද මෙවැනිම තත්ත්වයක් හේතුවෙන් පාසැල් වසා දැමිණි.

ශ්වසන ආබාධවලට ලක්විය හැකි බැවින් නිවෙස්වලින් පිටතට ගමන් කරන විට මුහුණු ආවරණ පැළඳගෙන යන ලෙස මහජනයාට රජය විසින් දැනුම් දී ඇත.

මෙම වසරේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ වනභූමි හෙක්ටයාර 320,000ක් පමණ විනාශ වී ඇතැයි සඳහන් වේ. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)