සයිබීරියාවේ රන් පතලක වේල්ලක් බිඳීයාමෙන් පතල් කම්කරුවන් 15දෙනකු මියගොස් 13දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අධික වර්ෂාව හේතුවෙන් බැම්ම බිඳී ගිය බවත් ජලපහරට හසුව කම්කරුවන්ගේ තාවකාලික නිවාස කැඩී ගිය බවත් බලධාරීහු පවසති.
එම නිවාස වල 75දෙනකු පමණ රැඳී සිට ඇති බවද සඳහන් වේ.විපතට පත්වූවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන ලෙස රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහතා නියෝග කර ඇත.
රුසියාව ලෝකයේ රත්රන් අපනයනය කරන ප්‍රධාන රටකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd