IMG-LOGO

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අගමැතිට

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් මහතාට හිමිව ඇත.

එරිත්‍රියාව සමඟ සාමය ඇතිකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග වෙනුවෙන් ඔහුට මෙම සම්මානය ලැබී තිබේ.

ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර වසර 20ක පමණ කාලයක් තිස්සේ පැවති යුදධය අවසන් කිරීම සඳහා අබේ අගමැතිවරයා දැඩි උත්සාහයක් ගනු ලැබූ බවද ඔහුගේ මධ්‍යස්ථ ප්‍රතිපත්ති හේතුවෙන් සාම ක්‍රියාවලිය ජයග්‍රහනය කරා ගෙනයෑමට හැකිවූ බවද නොබෙල් සම්මාන කමිටුව පවසයි.

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා 301ක් ඉදිරිපත් වි තිබුණු අතර එයට පුද්ගලයින් 223දෙනකු හා සංවිධාන 78ක් ඇතුළත් විය.

ඉතියෝපියාව සහ නැගෙනහිර හා ඊසාන දිග අප්‍රිකානු රටවල් අතර සාම ක්‍රියාවලිය වෙනුවෙන් කැපවූ සියලුදෙනාටම මෙම සම්මානයේ ගෞරවය හිමිවනු ඇතැයි ද නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව සඳහන් කර සිටියි.

(බීබිසි ඇසුරිණි - 085)

 



අදහස් (2)

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අගමැතිට

Chathuri Friday, 11 October 2019 02:19 PM

අපේ රටේ ඒකට හිටපු අයට අධිකරණයේ නඩු, රටේ දේපලත් ඉවරයි, ජනතාවගේ මුදලුත් ඉවරයි හොරකම් කරලා ,

:       25       5

kamal Friday, 11 October 2019 08:54 PM

අපේ කෙනාත් ඕක ගන්න හරියට දැඟලුවා. රටේ මිනිසුන්ට කන්න නැතුව හාල් සේරුවක් පාරේ අරන් ගියොත් හිරේ දාන නීති ගෙනල්ලා ලෝකෙට "ඉන්දියන් සාගරය සාම කලාපයක් කරමු" කියල පරකාසේ දාපු හැටි අපිට මතකයි.

:       14       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 721 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site