තම පියාගේ ඝාතනයට හේතුවූයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයන් බවත්, ෆේස්බුක් වැනි ආයතන මෙවැනි ප්‍රචාරනයන්ට ඉඩ ලබානොදිය යුතු බවත් ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිංගේ දියණිය වන බර්නිස් කිං පවසයි.
ඇය මෙසේ කියා සිටියේ සමාජ මාධ්‍ය විසින් දේශපාලන දැන්වීම්වල තොරතුරු තහවුරු කරගැනීම නොකළ යුතුයැයි ෆේස් බුක් ප්‍රධානියා පසුගියදා සිදුකල කථාවකට පිළිතුරු වශයෙනි.
දේශපාලන දැන්වීම් හා කථා වලට ලබාදෙන ප්‍රවේශය සම්බන්ධයෙන් ෆේස්බුක් දැඩි තර්ජනයට ලක්ව සිටින අවස්ථාවක එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් තම ආයතනය ආරක්ෂා කරගනිමින් එහිදී අදහස් පලකර ඇතැයි සඳහන් වේ.
එහිදී ෆේස්බුක් ප්‍රධානියා මාර්ටින් ලූතර් කිංගේ නම දෙවරක් සඳහන් කර ඇත.
ටෙනිසි ප්‍රාන්තයේ මෙම්ෆිස්හි දී 1968 වර්ෂයේ අප්‍රේල් 04 දින ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකින් මාටින් ලූතර් කිං මිය ගියේය.
"දේශපාලකයන් විසින් දියත් කරන වැරදි තොරතුරු හේතුවෙන් මුහුණ දෙන අභියෝග වඩාත් හොඳින් තේරුම් ගැනීමට ෆේස්බුක් ආයතනය වෙත උදව් කිරීමට මම කැමතියි. මගේ පියාගේ ඝාතනය සඳහා වාතාවරණයක් නිර්මාණය කළේ මෙවැනි වැරදි තොරතු ප්‍රචාරක ව්‍යාපාරයන්." යනුවෙන් බර්නිස් කිං පවසයි.
සිය සමාගම සුළුතර මතයන්ට ඉඩක් ලබාදිය යුතු බවට සකර්බර්ග් තර්ක කල අතර නිදහස් කථනය සඳහා අධිකරණයේ ආරක්ෂාව ද ලැබෙන බව පවසා ඇත.
විශ්වසනීයත්වය තීරණය කළ යුත්තේ ජනතාව මිස තාක්ෂණික සමාගම් නොවන බවද ඔහු එහිදී පවසා ඇත.
කෙසේවුවද කිංගේ දියණියගේ ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය සමග මෙම සංවාදය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පියා ඝාතනය වූයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාර නිසයි