උතුරු දිග සිරියාවේ මන්බිජ් නගරයට ඇතුළු වූයේ සිරියානු රජයේ හමුදා යැයි ඔවුන්ගෙන් වැඩිදෙනා කුර්දි සටන්කාමීන් යැයි තුර්කියේ සහාය ලබන සිරියානු සටන්කාමීහු පවසති.
සිරියානු රජයේ හමුදා මන්බිජ් නගරයට ඇතුළු වූ බව සඳහන් කරමින් එරට රාජ්‍ය මාධ්‍යද පුවත් වාර්තා කළේය.
සිරියානු රජයේ හමුදා නගරයට ඇතුළු වුවත් ඔවුන්ගෙන් වැඩිදෙනා කුර්දි සටන්කාමීන් යැයි තුර්කියේ සහාය ලබන ජාතික හමුදාවේ ප්‍රකාශක යූසෙෆ් හමූද් මහතා පැවැසීය. ඔවුන්ගෙන් වැඩිදෙනා සිරියානු රජයේ පාලනයේ තිබෙන ඇලෙප්පෝ නගරයේ සිටි අය බව ද හෙතෙම කීය.
“හමුදා මන්බිජ් නගරයට ගමන් කළා. ඔවුන් නගරයට ඇතුළුවුණා. ඔවුන්ගෙන් වැඩි දෙනා පී.වයි.ඩී පක්ෂයේ සාමාජිකයන්” යැයි ඔහු කීවේය. පී.වයි.ඩී යනු ප්‍රධාන සිරියානු කුර්දි පක්ෂයයි.
කෙසේ නමුත් ජාති හමුදාවේ සටන්කරුවන් මන්බිජ් නගරය දෙසට ගමන් කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
රොයිටර්ස්
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිරියානු රජයේ හමුදා උතුරු දිග සිරියාවට ඇතුළු වෙයි