අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම මිනිසා ලෙසට ඉතිහාස ගතවන රුසියානු අජටාකාශගාමී ඇලෙක්සේයි ලියනොව් මියගොස් ඇතැයි වාර්තා වේ.
මියයන විට හෙතෙම 85 වන වියේ පසුවිය.
දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳි රෝගි තත්ත්වයන් හේතුවෙන් මොස්කව් නගරයේ බර්ඩෙන්කෝ රෝහලේදී ලියනොව් මියගිය බව ඔහුගේ ඥාතීහු පවසති.
අභ්‍යවකාශ යානයෙන් පිටතට දැමුනු අඩි 16ක් දිග රැහැනකින් සිරුර ගැටගසාගෙන විනාඩි 12 ක කාලයක් අවකාශයේ රැඳී සිටිමින් ඔහු මෙම වාර්තාව තබා ඇත.
ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ 1965 වර්ෂයේ දී ය.
කෙසේවුවද මෙම ගමනේදී අජටාකාශ ඇඳුමේ ඇතිවූ දෝශයක් හේතුවෙන් ලියනොව්ට යානය තුළට ඒම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
ඇමරිකාව හා රුසියාව අභ්‍යවකාශයේ අධිපත්‍ය දැරීමට තරඟ කල එම කාලයේ මෙම රුසියානුවාගේ ක්‍රියාව විජයග්‍රහණයක් විය.
1975 වර්ෂයේදි දියත් කරනු ලැබූ ඇමරිකානු රුසියානු ඒකාබද්ධ සොයුස් - ඇපලෝ මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙසද ලියනොව් කටයුතු කළේය.
රුසියානුවකුට ලබාගතහැකි ඉහළම සම්මානය වන වීර පදක්කමෙන් ලියනොව් දෙවරක් පුදනු ලැබ ඇත.
(බිබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2410
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම මිනිසා ඇලෙක්සේයි ලියනොව් මියයයි
විජිත් Saturday, 12 October 2019 09:46 AM
ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවුන නිර්භීතම මිනිසෙක්. ඉන්පෙර කිසිකෙනෙක් නොගිය " අභ්‍යවකාශයට " ගොස් එහි පාවී පාවී - එරී එරී ඇවිද්ද මිනිසාණෙනි...ඔබට නිවන් සුව...!!!