නේපාලයේ මධඹ ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් 11දෙනෙකු මියගොස් 108 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

උස් කඳු මුදුනකිත් රථය පහලළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එය සින්දුපාල් සිට කත්මන්දු දක්වා ගමනි කරමින් තිබී ඇත.

බසයට ගෙන යාහැකි ප්‍රමාණයට වඩා මගීන් පැටවීම හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

මාර්ග අබලන්වීම හේතුවෙන් නේපාලයේ මෙවැනි මාර්ග අනතුරු සුලභව සිදුවන බව සඳහන් වේ.

(එන්ඩීටීවි ඇසුරිණි - 085)