ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ හෝ ඔහුගේ පරිපාලනය හෝ කාර්යමණ්ඩලය හෝ දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය නොදෙන බව දන්වමින් ධවල මන්දිරය එවන ලද ලිපිය ‘පැහැදිලිවම වැරැදි’ බවත් එය ‘කරුණු සැඟවීමට ගන්නා ලද තවත් නීතිවිරෝධී උත්සහායක්’ බවත් නැන්සි පෙලොසි මහත්මිය සඳහන් කළාය.
දෝෂාභියෝගයට අදාළව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව කෙරෙන විමර්ශනවලට කිසිදු ආකාරයකින් සහාය නොදෙන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව නැන්සි පෙලොසි ඒ බව කීවාය.
“ජනාධිපතිතුමනි, ඔබ නීතියට ඉහළින් නෙමෙයි. ඔබ වගවිය යුතු” යැයි පෙලොසි තදින් ප්‍රකාශ කළාය.
“ඇමෙරිකානු ජනතාවගෙන් ලැබුණු ජනාධිපති බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ සත්‍ය සැඟවීමට දිගින් දිගටම ගන්නා උත්සහාය, බාධා කිරීම පිළිබඳව තවදුරටත් ලැබෙන සාක්ෂියක් ” යැයි ඇය අනතුරු ඇඟවූවාය. නැන්සි පෙලොසි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාව ද වන්නීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් අතර ඇති වී තිබෙන මෙම අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් දක්වා දිග්ගැස්සෙනු ඇතැයි පැවසේ. එය එසේ වුවහොත් අධිකරණ පද්ධිතයේ කටයුතු අඩපණ වීමේ අවදානමක් තිබෙන්නේ යැයි ද ඇතැම්හු පවසති. ඇමෙරිකාව මේ වනවිට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී.
(ඒ.එෆ්.පී)
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘දෝෂාභියෝගය ගැන ධවල මන්දිරයේ ප්‍රකාශය වැරදියි’