ඉන්දියාවේ උතුරුදිග මාවු දිස්ත්‍රික්කයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී යෑමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් දෙමහල් නිවසක් කඩාවැටී ඇති අතර ගින්නක් ද හටගෙන ඇත.
පොලිසිය පවසන්නේ සුන්බුන්වලට යටවී ඇති පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
දැවැන්ත පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් ඒ සමගම නිවස ගිනිදැල්වලින් වැසී ගිය බවත් අසල්වාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උතුරු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd