ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයාට කිසියම් පුද්ගලයෙකු විසින් පිහි පහර කිහිපයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
බැන්ටන් පළාතේ නගර චතුරශ්‍රයේදී ඔහු මෙසේ පිහි ඇණුමට ලක්ව ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත.
අමාත්‍යවරයා හෙලිකොප්ටරයකින් ජකර්තා නගරයේ රෝහලකට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දුනීසියාවේ හිටපු ආරක්ෂක ප්‍රධානියා සහ ජනාධිපති අපේක්ෂකයා ද වන අමාත්‍යවරයා 72 හැවිරිදි වියේ පසුවෙයි.
පොලිසිය පවසන්නේ මෙම අනතුර අයිඑස් සංවිධානයේ පෙළඹවීම මත සිදුකරන ලද්දක් බවට තොරතුරු ලැබී ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ඕක දන්නා නිසා තමයි ආරක්ෂකයන් පිරිවරාගෙන යන්නේ.... එහෙම නොවෙන්න මෙහේ කට්ටියගේ පරම්පරාවම පිහිඇනුම් කාලා මෙලහට ගොඩක් කල්...