ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගහාර් පළාතේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීකින් 29 දෙනකු මියගොස් 100කට වැඩිපිරිසක් තුවාල ලබා ඇත.

සුන්බුන් වලට යටවී ඇති සිරුරු පිටතට ගෙන එමින් පවතන බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.

පිපිරීමෙන් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.

සිකුරාදා දිනයේ පූජාව පැවැත්වෙමින් තිබියදී මෙම පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බවද සඳහන් වේ.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)