උත්තර ධ්‍රැවයේ සිදුකිරීමට නියමිත දැවැන්ත විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පර්යේෂණ නෞකාවක් නෝර්වේ රාජ්‍යයෙන් පිටත්වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
පෝලාස්ටර්න් නම් ජර්මානු නෞකාව නෝර්වේහි ට්‍රොම්ස්කෝ වරායෙන් මේ සඳහා ගමන් ආරම්භ කර ඇත.
නෞකාව වසරක පමණ කාලයක් උත්තර ධ්‍රැවයේ නවත්වා තැබෙනු ඇති අතර එම කාලය තුළ සිය ගණනක් විද්‍යාඥයින් පර්යේෂණ සඳහා නෞකාව වෙත පැමිණෙනු ඇති බව සඳහන් වේ.
උත්තර ධ්‍රැවයේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් සම්බන්දව මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.
අයිස් කැඩීම සඳහා රුසියාවට අයත් ඇකඩමික් ෆෙඩරෝව් නම් යානයද පෝලාස්ටර්න් නෞකාව සමග ගමන් කරනු ඇති බව බලධාරීහු පවසති.
මෙම ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වැයවන බව ගණන් බලා ඇත.
(බීබිසී ඇසුරිණි - (085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උත්තර ධ්‍රැවයේ දේශගුණය ගැන සොයන්න පර්යේෂණ නෞකාවක්