උත්තර ධ්‍රැවයේ සිදුකිරීමට නියමිත දැවැන්ත විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පර්යේෂණ නෞකාවක් නෝර්වේ රාජ්‍යයෙන් පිටත්වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
පෝලාස්ටර්න් නම් ජර්මානු නෞකාව නෝර්වේහි ට්‍රොම්ස්කෝ වරායෙන් මේ සඳහා ගමන් ආරම්භ කර ඇත.
නෞකාව වසරක පමණ කාලයක් උත්තර ධ්‍රැවයේ නවත්වා තැබෙනු ඇති අතර එම කාලය තුළ සිය ගණනක් විද්‍යාඥයින් පර්යේෂණ සඳහා නෞකාව වෙත පැමිණෙනු ඇති බව සඳහන් වේ.
උත්තර ධ්‍රැවයේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් සම්බන්දව මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.
අයිස් කැඩීම සඳහා රුසියාවට අයත් ඇකඩමික් ෆෙඩරෝව් නම් යානයද පෝලාස්ටර්න් නෞකාව සමග ගමන් කරනු ඇති බව බලධාරීහු පවසති.
මෙම ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වැයවන බව ගණන් බලා ඇත.
(බීබිසී ඇසුරිණි - (085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd