ප්‍රාග් ඓතිහාසික අවධියේදී ළදරුවන් කිරි පානයට භාවිත කළ බව සැලකෙන, මැටි බඳුන් 3ක් ජර්මනියේ බැවේරියා ප්‍රදේශයෙන් හමුවී තිබේ.
එයින් බඳුන් දෙකක් යකඩ යුගයේ සොහොනකද, අනෙක ලෝකඩ යුගයේ සොහොනකද තිබී සොයාගෙන ඇතැයි ගවේෂකයෝ කියති. ළදරුවන්ගේ මළ සිරුරු සහිත සොහොනකට යාබදව ඒවා වළ දමා තිබී ඇත.
මව්වරු කිරි වරන අවදියේදී ළදරුවන් පෝෂණය කිරීම සඳහා මේවා යොදාගන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.
සතුන්ගෙන් ලබාගත් කිරිවලින් අවශේෂ කොටස්ද මෙම බඳුන්වල තිබී සොයාගෙන ඇත.
(සී එන් එන් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd