නැගෙනහිර චීනයේ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයන් 36 දෙනකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. තුවාල ලැබූ අය අතරින් 9 දෙනකුගේ තත්ත්වය බරපතලය.

පුද්ගලයන් 69 දෙනෙකු රැගත් බස් රථය ජෙංෂු ප්‍රාන්ථයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී ඉදිරියට පැමිණි තිදෙනකු රැගත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරට හේතුව බස් රථයේ ටයර අධික ලෙස ගෙවී තිබීම විය හැකි යැයි ද බලධාරීන් පවසයි.

මෙවැනි මාර්ග අනතුරු චීනයේ බහුලව සිදුවන බවත් මාර්ග නීති උල්ලංඝණය කිරීම ඊට හේතුව බවත් එරට මාධ්‍ය පෙන්වාදෙයි.

2015 වර්ෂයේ දී පමණක් හදිසි අනතුරුවලින් චීනයේ 58,000ක් මියගොස් ඇත. මෙවැනි මාරාන්තික අනතුරු වලින් 90% කට හේතුවී ඇත්තේ රථවාහන නීති උල්ලංඝණය කිරීම බව ද මාධ්‍ය වාර්තා කරයි.

                                 

(බීබීසී ඇසුරිනි - 085)