පිරිමි ළමුන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ පාකිස්ථානයේ කසුර් දිස්ත්‍රික්කයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මරණයට පත්වීමට පෙර එක් පිරිමි ළමයෙකු ලිංගික අතවරවලට ලක්ව ඇති බව අනාවරණය වී ඇති අතර අනෙක් ළමුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැත.
පසුගිය වසර කිහිපය තුළ කසුර් දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ හා මීනි මැරුම් ගණනාවක් වාර්තා විය.
පසුගිය වසරේදී හය හැවිරිදි දැරියක ඝාතනයට ලක්වීමත් සමඟ ඇතිවූ උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වුණි.
එම දැරිය දූෂණය කර මරණයට පත්කිරීමට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයා තවත් දැරියන් හයදෙනෙකුට වැඩි පිරිසකට ද ඒ හා සමාන අපරාධ සිදුකර ඇති බව අනාවරණය විය.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd