සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත.
ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි.
කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.
සෞදි තෙල් කම්හල් දෙකට පහර දුන්නේ තමන් බව යේමන හවුති ගරිල්ලන් පැවසුවත් එය ප්‍රතික්ෂේප කරමින් සෞදි රජය හා ඇමරිකාව පවසන්නේ ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කල බවයි.
පසුගිය සිකුරාදා (20) ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව නව සම්බාධක කිහිපයක් ද පැනවීමට කටයුතු කළේය.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසේ ස්ථිරවම තෙල් මිල වැඩිවෙන බව නම් කියන්න පුළුවන්.
ඔන්න මීයා මල්ලෙන් එළියට පැන්නා. කූරු ගගා හිටියේ ඕකට තමයි. තෙල් පිරිපහදු තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඕමානය කිට්ටුවට වෙන්න. යේමනය තියෙන්නේ සෑහෙන දුරකින්... සමහර ත්‍රස්ත කණ්ඩායම් වල සිරිතක් තමයි ලෝකය කොහේ හරි යම් සිදුවීමක් වුවොත් ඉක්මණින්ම එම ක්‍රියාව තම කණ්ඩායමට බැරකරගෙන තමන්ගේ දරුණු භාවය ලෝකයාට පෙන්වීම. ඉතින් ඊට පස්සේ...?