සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත.
ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි.
කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.
සෞදි තෙල් කම්හල් දෙකට පහර දුන්නේ තමන් බව යේමන හවුති ගරිල්ලන් පැවසුවත් එය ප්‍රතික්ෂේප කරමින් සෞදි රජය හා ඇමරිකාව පවසන්නේ ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කල බවයි.
පසුගිය සිකුරාදා (20) ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව නව සම්බාධක කිහිපයක් ද පැනවීමට කටයුතු කළේය.
(බීබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර
Rohana Saturday, 21 September 2019 04:31 PM
ලබන මාසේ ස්ථිරවම තෙල් මිල වැඩිවෙන බව නම් කියන්න පුළුවන්.
රවින් Sunday, 22 September 2019 08:21 AM
ඔන්න මීයා මල්ලෙන් එළියට පැන්නා. කූරු ගගා හිටියේ ඕකට තමයි. තෙල් පිරිපහදු තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඕමානය කිට්ටුවට වෙන්න. යේමනය තියෙන්නේ සෑහෙන දුරකින්... සමහර ත්‍රස්ත කණ්ඩායම් වල සිරිතක් තමයි ලෝකය කොහේ හරි යම් සිදුවීමක් වුවොත් ඉක්මණින්ම එම ක්‍රියාව තම කණ්ඩායමට බැරකරගෙන තමන්ගේ දරුණු භාවය ලෝකයාට පෙන්වීම. ඉතින් ඊට පස්සේ...?