මියන්මාරයේ පතලක නායයෑමකින් පතල්කරුවෝ 54ක් මරුට මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් පතල්කරුවන් 54දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 24 April 2019
නයිජීරියාවේදී පැහැරගත් දෙදෙනෙක් ඝාතනය කෙරේ නයිජීරියාවේ උතුරුදිග කඩුනා නගරයේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සහ නයිජීරියානු ජාතිකයෙකු මරාදමා ඇතැයි වාර්තා වේ. 22 April 2019
කොළොම්බියාවේ නායයෑම්වලින් 17ක් මරුට කොළොම්බියාවේ නිරිත දිග ප්‍රදේශවල සිදුවූ නායයෑම් හේතුවෙන් 17දෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 22 April 2019
අයිඑස් ත්‍රස්ත ප්‍රහාර නිසා සිරියානු -ඒකාබද්ධ හමුදා සෙබලුන් 35ක් මරුට සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී අයිඑස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිරියානු සහ ඒකාබද්ධ හමුදා සෙබලුන් 35දෙනකු මියගොස් ඇතැයි යුධ නිරීක්ෂක මානව හිමිකම් කණ්ඩායම් පවසයි. 20 April 2019
මෙක්සිකෝවේ අවන්හලක වෙඩි තැබීමකින් 13ක් මරුට මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළබඩ කළාපයට අයත් වැරකෲස්හි අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 20 April 2019
ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යුග දිවිය නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්වූහ. 19 April 2019
දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13 ක් මරුට දකුණු අප්‍රිකාවේ වෙරළබඩ පළාතක් වන කවාසුළු - නටාල්හි පෙන්තකොස්ත දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13දෙනකු මියගොස් 29 දෙනකු තුවාල ලබා ඇත. 19 April 2019
රොකී කඳු වැටියේ නැගීමට ගිය 3 ක් මරුට රොකී කඳු වැටියේ කැනඩාවට අයත් ප්‍රදේශයෙන් කඳු නැගිමට ගිය පලපුරුදු කඳු නගින්නන් තිදෙනකු හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් මිය යන්නට ඇතැයි අනුමාන කරන බව කැනඩා බලධාරීහු පවසති. 19 April 2019
ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඇරඹේ ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද (18) ආරම්භ විය. 18 April 2019
නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ට ආරාධනයක් ගිනිගෙන දැවුණු ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රංශය ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ට විවෘත ආරාධනයක් කළේය. 18 April 2019
ට්‍රිපොලිහි ගැටුම්වලින් 205ක් මරුට ලිබියාවේ අගනුවර වන ට්‍රිපොලි ආසන්නයේ පසුගිය සතිදෙක තුළ සිදුවූ ගැටුම්වලින් 205දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 18 April 2019
පෘතුගීසියේ රිය අනතුරකින් 29ක් මරුට පෘතුගීසියේ මැඩේරා දිවයිනේ කැනිකෝ නගරයේදී සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 29දෙනකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 April 2019
පැරිස් දේවස්ථානයේ ගින්නට ලෝක නායකයන්ගේ ශෝකය ප්‍රංශයේ පැරිස් අගනුවර නොත්‍රදාම් දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝමයක් සිය කනගාටුව පළ කළහ. 16 April 2019
‘අසාන්ජ්ට විශේෂ සැලකිල්ලක් නැහැ’ ජුලියන් අසාන්ජ්ට කිසිදු ‘විශේෂ සැලකිල්ලක්’ නොකරන බව ඕස්ටේ්රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (12) කීවේය. 12 April 2019
ජුලියන් අසාන්ජ්ගේ සහායකු අත්අඩංගුවට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ සහායකු අත්අඩංගුවට ගත් බව ඉක්වදෝර අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අද (12) පැවැසීය. 12 April 2019
සුඩාන ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නෑ සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින බලයෙන් ඉවත් කරන ලද සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ අද (12) ප්‍රකාශ කළහ. 12 April 2019
මරණ දඬුවමට මුහුණ දෙන්නවෙන රටකට අසාන්ජ් යවන්නේ නෑ මරණ දඬුවම ක්‍රියාත්මක කරන හෝ වදහිංසා කරන කිසිදු රටකට ජුලියන් අසාන්ජ් නොයවන බව ඉක්වදෝර ජනාධිපතිවරයා අද (11) ප්‍රකාශ කළේය. 11 April 2019
ජූලියන් අසාන්ජ් ලන්ඩන් අධිකරණයකට අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අද (11) ලන්ඩන් නුවර අධිකරණයකට ඉදිරිපත් කළේය. 11 April 2019
අසාන්ජ් අත්අඩංගුව ගැනීම ගැන මේගෙන් බ්‍රිතාන්‍ය පොලිසියට පැසසුම් එක්සත් රාජධානියේදී නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන බවත් කිසිවකුටත් විශේෂයක් නොකරන බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය අද (11) ප්‍රකාශ කළාය. 11 April 2019
ජූලියන් අසාන්ජේ අත්අඩංගුවට ලෝ ප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ අද (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය. 11 April 2019
මෝදි ගැන හැදූ චිත්‍රපටයට තහනමක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටය මැතිවරණ කාල සීමාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට එරට මැතිවරණය කොමිසම පියවර ගෙන ඇත. 11 April 2019
ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. 11 April 2019
මෝදි දින්නොත් ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් පිරිසක් තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් එරට සිවිල් සේවයේ සිටින ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුම ඔවුන්ගේ ධුරවලින් ඉවත්වනු ඇතැයි පරිපාලනයට සම්බන්ධ ආරංචි මාර්ග කිහිපයක්ම සඳහන් කරයි. 10 April 2019
මැතිවරණ කාල සීමාවේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් මැතිවරණ කාලසීමාව තුළදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 10 April 2019
‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘ අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී පැවැසීය. 10 April 2019
ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැක පළ වී ඇත. 09 April 2019
‘ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’ ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය. 09 April 2019
පාකිස්තානයට පහරදීමේ ඉන්දීය සැලසුමක් ගැන සැකයක් ඉන්දියාව මේ මාසයේදී තම රටට ප්‍රහාරයක් එල්ල කරන බවට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂී පැවැසීය. 08 April 2019
ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා හෙට (5) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නවසීලන්ත පොලිසිය අද (4) සඳහන් කළේය. 04 April 2019
පිලිපීනයේ මින්දනාවෝ දූපතේ බෝම්බ පිපිරීමකින් 18 ට තුවාල පිලිපීනයේ දකුණු දිග මින්දනාවෝ දූපතේ ආපන ශාලාවක බෝම්බයක් පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 03 April 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026