රසකාරක යෙදූ විද්‍යුත් දුම්වැටි භාවිතය අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය තුළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හා සෞඛ්‍ය සැලසුම් කවුන්සිලයේ හදිසි රැස්වීමක් නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ ක්යෝමෝ මහතා විසින් පසුගිය ඉරිදා කැඳවා තිබුණි.
ඒ අනුව විද්‍යුත් දුම්වැටි තහනම ක්‍රියාත්මක කිරීම සඳහා එම කවුසිලය ඊයේ සිය කැමැත්ත ප්‍රකාශ කළේය.
මෙම තහනමත් සමඟ රසකාරක යෙදූ විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් වූ දෙවැනි අමෙරිකානු ප්‍රාන්තය බවට නිව්යෝක් පත්වේ.
තරුණ ප්‍රජාව ඇතුළු බොහෝ පුද්ගලයින් අතර පෙනහළු ආශ්‍රිත රෝග ඉහළ යෑම මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ.
මීට පෙර අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තය තුළ විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කෙරිණි.
-226-
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්කොළ, සිගරට් නිෂ්පාදකයින්ගේ සල්ලිවල වුවමනාවට කරන දෙයක්. මොනයම් හෝ ආකාරයක දුම්බීම අහිතකර වුවද දුම්කොළ වලට වඩා ඊ-සිගරට් වල බලපෑම අඩුයි...