ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා බෝර්නෝ දූපත්හි දස දහස් ගණන් වැසියන් වර්ෂාව ඉල්ලා යාච්ඤා කරන බව ප්‍රාන්තයේ ඇන්ටාරා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
දැඩි වියලි කාළගුණය හේතුවෙන් සුමාත්‍රා හා බෝර්නෝ දූපත්හි ලැව්ගිනි හටගෙන ඇත. මාසයක පමණ කාලයත් පුරා පවතින මෙම ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා 9000ක පමණ පොලිසිය, හමුදාව හා ආපදා සේවකයින් යොදවා ඇතැයි වාර්තා වේ.
ගිනිගැනීම්වලින් හටගත් දුම් පරිසරය පුරා තුනී මීදුම් පටලයක් ලෙස පැතිරී ඇතැයි ද සඳහන් වේ.
ඉන්දුනීසියාව ඇතුළු ගිනිකොණදිග ආසියානු රටවල් බොහොමයකට මාස කිහිපයකින් වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම අසාමාන්‍ය වියළි තත්ත්වය හටගෙන ඇතැයි කාලගුණ අංශ පවසයි.
රියාවු පළාතේ පෙකන්බාහු නුවර නගරසභා භූමියට රැස්වූ දහස්ගනන් ඉස්ලාම් වැසියන් වර්ෂාව වෙනුවෙන් යාච්ඤා කරන බවත් ද ප්‍රදේශයේ පැතිර ඇති දුම හේතුවෙන් ඔවුන් මුව ආවරණ පැළඳ සිටින බවත් සඳහන් වේ.
"වැසි ලබාගැනීම වෙනුවෙන් අපට කළ හැකි සියලුදේ කරනවා. වැසි ලබාදෙන ලෙස ඉල්ලා අප අල්ලා දෙවියන්ට යාච්ඥා කරනවා" යැයි ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ට කිව්වට වැඩක් නැහැ. කැලේ නැතුවාම වැස්ස නැහැ. අර රිෂාඩ් බදියුදීන්ලා ඔහෙත් වැහි වැහැලා ඇතිනේ...?
තිබ්බ ඔක්කොම ගස් ටික කපලා දැන් මැරෙන්න හදනවා වැස්ස නැතුව...