ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා බෝර්නෝ දූපත්හි දස දහස් ගණන් වැසියන් වර්ෂාව ඉල්ලා යාච්ඤා කරන බව ප්‍රාන්තයේ ඇන්ටාරා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
දැඩි වියලි කාළගුණය හේතුවෙන් සුමාත්‍රා හා බෝර්නෝ දූපත්හි ලැව්ගිනි හටගෙන ඇත. මාසයක පමණ කාලයත් පුරා පවතින මෙම ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා 9000ක පමණ පොලිසිය, හමුදාව හා ආපදා සේවකයින් යොදවා ඇතැයි වාර්තා වේ.
ගිනිගැනීම්වලින් හටගත් දුම් පරිසරය පුරා තුනී මීදුම් පටලයක් ලෙස පැතිරී ඇතැයි ද සඳහන් වේ.
ඉන්දුනීසියාව ඇතුළු ගිනිකොණදිග ආසියානු රටවල් බොහොමයකට මාස කිහිපයකින් වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම අසාමාන්‍ය වියළි තත්ත්වය හටගෙන ඇතැයි කාලගුණ අංශ පවසයි.
රියාවු පළාතේ පෙකන්බාහු නුවර නගරසභා භූමියට රැස්වූ දහස්ගනන් ඉස්ලාම් වැසියන් වර්ෂාව වෙනුවෙන් යාච්ඤා කරන බවත් ද ප්‍රදේශයේ පැතිර ඇති දුම හේතුවෙන් ඔවුන් මුව ආවරණ පැළඳ සිටින බවත් සඳහන් වේ.
"වැසි ලබාගැනීම වෙනුවෙන් අපට කළ හැකි සියලුදේ කරනවා. වැසි ලබාදෙන ලෙස ඉල්ලා අප අල්ලා දෙවියන්ට යාච්ඥා කරනවා" යැයි ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැසි ඉල්ලා ඉන්දුනීසියානු වැසියෝ යාච්ඤා කරති
chandima Wednesday, 11 September 2019 10:34 PM
දෙයියන්ට කිව්වට වැඩක් නැහැ. කැලේ නැතුවාම වැස්ස නැහැ. අර රිෂාඩ් බදියුදීන්ලා ඔහෙත් වැහි වැහැලා ඇතිනේ...?
Indunil Thursday, 12 September 2019 06:40 AM
තිබ්බ ඔක්කොම ගස් ටික කපලා දැන් මැරෙන්න හදනවා වැස්ස නැතුව...