ඔක්තෝබර් මස 21 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර ඇත.

දැනට පළ වී ඇති මත විමසුම්වලට අනුව අගමැති ටෲඩෝ මහතාට දැඩි සටනකට මුහුණදීමට සිදුවනු ඇතැයි පැවසේ. අගමැති ටෲඩෝ දෙවැනි ධූර කාලය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයේදී ආර්ථිකය සහ දේශගුණික විපර්යාස ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇතැයි පැවසේ.

අගමැතිවරයා අද (11) එරට ආණ්ඩුකාරවරයා මුණ ගැසුණු අතර ඉන් පසුව නිල වශයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේය.

ආණ්ඩුකාරවරයා වැඩබලන රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.

(බී.බී.සී සහ ඒ.එෆ්.පී.ඇසුරිනි)

055