නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ රජයට අයත් ගොඩනැගිල්ලක් තුළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි එරට නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයා සහභාගී වූ රැළියක් ආසන්නයේ දී සහ කාබුල් නුවර සිදු වූ පිපිරීම් දෙකකින් 50 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගෙවී යද්දී මෙම ප්‍රහාරය එල්ල විය.

“ගොඩනැගිල්ලේ සිටි කාර්ය මණ්ඩලයේ පිරිස බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ කඩිනමින් එම ස්ථානයට පැමිණියා” යැයි පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ පළාත් නිලධාරියා කීය. 

පිපිරීම සිදුව ඇත්තේ ජලාලාබාද්හි අගනුවර වන නන්ගර්හාර් පළාතේ, පළාත් මාධ්‍ය ප්‍රකාශක අතුල්ලා කොග්යානි පැවැසීය. 

ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී මහා සහභාගී වූ රැළියකට ඊයේ (17) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 26 දෙනෙක් මියගොස් 42 ක් තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදු නොවීය. කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් පළාතේදී එම රැළිය පැවැත්විණි. ඉන් පැයකට පසුව කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 22 දෙනෙක් මියගොස් 38 ක් තුවාල ලැබූහ. එම ප්‍රහාර දෙකේම වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබිණි. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

055