IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්ථානයේ ගොඩනැගිල්ලක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ රජයට අයත් ගොඩනැගිල්ලක් තුළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි එරට නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයා සහභාගී වූ රැළියක් ආසන්නයේ දී සහ කාබුල් නුවර සිදු වූ පිපිරීම් දෙකකින් 50 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගෙවී යද්දී මෙම ප්‍රහාරය එල්ල විය.

“ගොඩනැගිල්ලේ සිටි කාර්ය මණ්ඩලයේ පිරිස බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ කඩිනමින් එම ස්ථානයට පැමිණියා” යැයි පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ පළාත් නිලධාරියා කීය. 

පිපිරීම සිදුව ඇත්තේ ජලාලාබාද්හි අගනුවර වන නන්ගර්හාර් පළාතේ, පළාත් මාධ්‍ය ප්‍රකාශක අතුල්ලා කොග්යානි පැවැසීය. 

ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී මහා සහභාගී වූ රැළියකට ඊයේ (17) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 26 දෙනෙක් මියගොස් 42 ක් තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදු නොවීය. කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් පළාතේදී එම රැළිය පැවැත්විණි. ඉන් පැයකට පසුව කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 22 දෙනෙක් මියගොස් 38 ක් තුවාල ලැබූහ. එම ප්‍රහාර දෙකේම වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබිණි. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ ගොඩනැගිල්ලක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 754 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 512 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site