ඉන්දියාව කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය නිසා ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝ දෙනා අන්තවාදයට තල්ලු වන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (13) චෝදනා කළේය.
පාකිස්තාන පරිපාලනය යටතේ තිබෙන මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සැර කතාවක් කරමින් අගමැති ඉම්රාන් ඛාන් ඒ බව පැවැසීය.
“මට ඉන්දියාවට කියන්න ඕනේ, දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා” අසාද් කාශ්මීරයේ අගනුවර වන මුසාෆාරාබාද් හි රැළියක් අමතමින් පාකිස්තාන අගමැතිවරයා කීවේය.
“මිනිස්සු ඉන්දියාවට එරෙහිව නැගි සිටිවි. ඉන්දියාවේ ඉන්න මුස්ලිම්වරුන් විතරක් නෙමෙයි, ලෝකයේ මුස්ලිම්වරුන් බිලියන 1.25ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා මෙය බලා සිටිනවා” යැයි ඔහු කීවේය.
“ක්‍රෑරකම්, දාමරිකම් සීමාව ඉක්මවා ගියාම, මිනිස්සු නින්දා සහගත ජීවිතයකට වඩා මරණයට වඩාත් කැමැති වෙනවා” යැයි හෙතෙම කීය.
රොයිටර්ස් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් ඔබ ශ්‍රේෂ්ඨයි..!
හා හා කොයි පැත්තෙන් හිනාවෙන්නද? අන්තවාදය යනු ජාතියකට, ආගමකට, රටකට එසේත් නැතිනම් භූගෝලීය පදනම මත පමණක් සිදුවෙන්නක් නොවේ... ඉතිහාසය දෙස ආපසු හැරී බලන්න. ඔබ අදහන ඉස්ලාමීය ධර්මයේ කී තැනක තියනවද? අන්තවාදය ගැන... නොයෙකුත් ආගමික නීතින් සම්පාදනය වන්නේ අන්තවාදය නැති කිරීමට මිස ඇති කිරීමට නොවේ. බැලුම් බෝලයක් වුනත් පුම්බලා නොමනා ලෙස තෙරපුවොත් පිපිරෙන එක නම් සත්‍යයකි.
ඉන්දියාවට ජයවේවා...!
එතකොට අර ලංකාවේ 500ක් මරන්න අන්තවාදයට තල්ලු වුනේ මොකක් නිසාද? තියෙන්නේම අන්තවාදය විතරයි. අමුතුවෙන් තල්ලු වෙන්න දෙයක් නෑ.