ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල හටගත් ලැව්ගිනි හේතුවෙන් සිය ගණනක් පිරිස් නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇතැයි වාර්තා වේ.
ප්‍රාන්ත දෙකෙහිම ස්ථාන 140කින් පමණ ගිනිගැනීම් වාර්තා වන බවත් අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බවත් බලධාරීහු පවසති.
මෙයින් ස්ථාන අටක පමණ ගිනිගැනීම් පුද්ගලයින් විසින් හිතාමතා කළ ඒවා බව පොලිසිය සොයාගෙන ඇති අතර කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් වේ.
ගිනිතැබීම්වලට සම්බන්ධ ළමුන් තිදෙනෙකුගෙන් ද ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
තද සුළං හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇතැයිද බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd