ඇෆ්ගනිස්ථානයේ පර්වන් පළාතේ සහ කාබුල් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 48 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පර්වන් පළාතේ මැතිවරන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඇෆ්ගනිස්ථාන ජනපති අශ්රෆ් ඝානි රැළිය ඇමතීමට නියමිතව තිබුණු බවද සඳහන් වේ. එම ස්ථානයේ 26 දෙනකු මියගොස් ඇත.

කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අනෙක් පිපිරීම සිදුව ඇති අතර එයින් 22ක් මියගොස් ඇත.

තලේබාන් සංවිධානය ප්‍රහාරයන්හි වගකීම බාරගෙන ඇති අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් සාම සාකච්ඡා පවත්වන අතරතුර බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 දින පැවැත්වීමට නියමිතව ඇති නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩනොදෙන බව තලේබාන් සංවිධානය පවසා ඇත. 

(බීබීසී ඇසුරිණි - 085)