ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව එරට වෛද්‍යවරුන්, නිතිඥයින් සහ ගුවන් නියමුවන් වීථි බැස විරෝධතාවයේ යෙදුන බව වාර්තා වේ.
නීතීඥයින් කළු කබා හැඳ සිටි අතර වෛද්‍යවරු සුදු කබා වලින් ද ගුවන් නියමුවන් ඔවුන්ගේ නිල ඇඳුමින් ද සැරසී සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත.
සටන් පාඨ කියමින් නලා පිඹිමින් දැන්වීම් අලවමින් ඔවුහු පැරිස් නගර මධ්‍යයට ගමන් කලහ.
මෙතෙක් ප්‍රංශයේ ක්‍රියාත්මක කෙරුණු එකිනෙකට වෙනස් විශාම වැටුප් ක්‍රම 42ක් වෙනුවට ප්‍රසාද ලකුණු මත පාදක වූ එක් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා මැක්‍රන්ගේ රජය විසින් යෝජනා ඉදිරිපත් කර තිබිණි. මැක්‍රන් පවසන්නේ මෙම නව ක්‍රමය වඩාත් සාධාරණ බවයි.
එහෙත් සමහර වෘත්තිකයෝ මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කරති.
පසුගිය සතියේ පැරිසියේ ප්‍රවාහන සේවකයින් ද විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව විරෝධතා පැවැත් වූහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එම්මානුවෙල්ගේ නව විශාම වැටුප් ක්‍රමයට විරෝධය