IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සවුදි කාන්තාවන්ගේ ඇඳුමට එරෙහි සංස්කෘතික සටන

සෞදි ආරාබියේ කාන්තාවන් ‘අබාය‘ ඇඳුමෙන් මුදවා ගැනීමේ සංස්කෘතික කැරැල්ලක් ආරම්භ වී තිබේ.

ඊට නායකත්වය දෙනු ලබන්නේ මෂෙල් අල් ජලවුඩ් නැමති සවුදි කාන්තාව විසිනි.

පසුගිය දිනයක සවුදියේ ඔටුන්න හිමි කුමරු  මොහොමඩ් බින් සල්මාන්  කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් යම් නිදහසක් ලබා දෙන බවට රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඉඟියක් පළකළේය.

කෙසේ වුවත් ඒ සඳහා නියෝගයක් නිකුත් නොවුණ බැවින් කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ සීමා වෙනස් නොවී පැවතුණි.

මේ අතර ඇතැම් කාන්තාවෝ ඔවුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පවතින දැඩි සීමාවලට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළහ."මගේ පාදයට යටින් ඇති නිකාබය" නමැති හෑෂ් ටැගය ඊට භාවිත කරමින් මෙම විරෝධය සමාජ මාධ්‍ය තුළින් ගෙන යනු ලැබීය.

මෙම ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින මෂෙල් අල් ජලවුඩ් පසුගිය සතියේ දිනක නිදහස් ඇඳුමකින් සැරසී පොදු ස්ථානයක ඇවිද ගියාය.

සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටි වෙනත් කාන්තාවන් "ඔබ ප්‍රසිද්ධ අයෙක්ද?"  "ඔබ නිරූපිකාවක්ද?"යනුවෙන් මෂෙල්ගෙන් විමසා ඇත.

එහෙත් ඒවාට පිළිතුරු දෙමින් තමා සාමාන්‍ය සවුදි කාන්තාවක් බව මෂෙල් පවසා තිබේ.ඇය තවදුරටත් පවසන්නේ ඇයට සජීවීව ජීවත් වීමට අවශ්‍ය බවයි.

ඇගේ මෙම ප්‍රතිපත්තිය සවුදියේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියටත් පවතිනු ඇත.
 
(226)



අදහස් (6)

සවුදි කාන්තාවන්ගේ ඇඳුමට එරෙහි සංස්කෘතික සටන

de silva Friday, 13 September 2019 07:42 AM

ඔවුන් ඕනේ ඇඳුමක් සෞදියේදී ඇන්දාට අපට ප්‍රශ්නයක් නොමැත. නමුත් ඔය විකාර, විලාසිතා මෙහෙ ගෙන එන්න නම් එපා...

:       133       183

රවින් Friday, 13 September 2019 09:06 AM

අපේ රටේ නම් මේක වැළඳ ගන්න දඟලන අය වැඩියි නේද? කොහොම වුණත් ලෝකෙන් තුරන් කරන්න හදන දේවල් අපේ අය වැළඳගන්න දඟලන එක අපිට දැන් උරුම වෙලා....

:       202       327

Lal Saturday, 14 September 2019 06:36 AM

සෞදි කාන්තාවන්ට මුස්ළිම් ඇදුම වගේම මුස්ළිම් ආගමත් එපාවෙන කාලය වැඩි ඈතක නැහැ. වර්තමානයේ,සෞදි කාන්තාවන් බුද්ධිමත්.දැනටමත් මැදපෙරදිග මුස්ළිම් ජනතාව මුස්ළිම් ආගමෙන් බැහැරවීමේ ප්‍රතිශතය වැඩිවෙලා.

:       0       0

Lal Saturday, 14 September 2019 07:25 AM

සෞදි කාන්තාවන්ට මුස්ලිම් ඇඳුම වගේම මුස්ලිම් ආගමත් එපාවෙන කාලය වැඩි ඈතක නැහැ. වර්තමානයේ, සෞදි කාන්තාවන් බුද්ධිමත්... දැනටමත් මැදපෙරදිග මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගමෙන් බැහැරවීමේ ප්‍රතිශතය වැඩිවෙලා...

:       201       505

Gamarala Saturday, 14 September 2019 12:39 PM

ඒක හොඳ වැඩක්?

:       0       50

Nuwan Saturday, 14 September 2019 01:11 PM

ලාංකික දඩිමතධාරි සෞදි වන්දනා කරන මුස්ලිම් බහුතර ජනතාවට කනේ පහරක්...

:       0       134

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site