සෞදි ආරාබියේ කාන්තාවන් ‘අබාය‘ ඇඳුමෙන් මුදවා ගැනීමේ සංස්කෘතික කැරැල්ලක් ආරම්භ වී තිබේ.
ඊට නායකත්වය දෙනු ලබන්නේ මෂෙල් අල් ජලවුඩ් නැමති සවුදි කාන්තාව විසිනි.
පසුගිය දිනයක සවුදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් යම් නිදහසක් ලබා දෙන බවට රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඉඟියක් පළකළේය.
කෙසේ වුවත් ඒ සඳහා නියෝගයක් නිකුත් නොවුණ බැවින් කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ සීමා වෙනස් නොවී පැවතුණි.
මේ අතර ඇතැම් කාන්තාවෝ ඔවුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පවතින දැඩි සීමාවලට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළහ."මගේ පාදයට යටින් ඇති නිකාබය" නමැති හෑෂ් ටැගය ඊට භාවිත කරමින් මෙම විරෝධය සමාජ මාධ්‍ය තුළින් ගෙන යනු ලැබීය.
මෙම ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින මෂෙල් අල් ජලවුඩ් පසුගිය සතියේ දිනක නිදහස් ඇඳුමකින් සැරසී පොදු ස්ථානයක ඇවිද ගියාය.
සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටි වෙනත් කාන්තාවන් "ඔබ ප්‍රසිද්ධ අයෙක්ද?" "ඔබ නිරූපිකාවක්ද?"යනුවෙන් මෂෙල්ගෙන් විමසා ඇත.
එහෙත් ඒවාට පිළිතුරු දෙමින් තමා සාමාන්‍ය සවුදි කාන්තාවක් බව මෂෙල් පවසා තිබේ.ඇය තවදුරටත් පවසන්නේ ඇයට සජීවීව ජීවත් වීමට අවශ්‍ය බවයි.
ඇගේ මෙම ප්‍රතිපත්තිය සවුදියේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියටත් පවතිනු ඇත.
(226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ඕනේ ඇඳුමක් සෞදියේදී ඇන්දාට අපට ප්‍රශ්නයක් නොමැත. නමුත් ඔය විකාර, විලාසිතා මෙහෙ ගෙන එන්න නම් එපා...
අපේ රටේ නම් මේක වැළඳ ගන්න දඟලන අය වැඩියි නේද? කොහොම වුණත් ලෝකෙන් තුරන් කරන්න හදන දේවල් අපේ අය වැළඳගන්න දඟලන එක අපිට දැන් උරුම වෙලා....
සෞදි කාන්තාවන්ට මුස්ළිම් ඇදුම වගේම මුස්ළිම් ආගමත් එපාවෙන කාලය වැඩි ඈතක නැහැ. වර්තමානයේ,සෞදි කාන්තාවන් බුද්ධිමත්.දැනටමත් මැදපෙරදිග මුස්ළිම් ජනතාව මුස්ළිම් ආගමෙන් බැහැරවීමේ ප්‍රතිශතය වැඩිවෙලා.
සෞදි කාන්තාවන්ට මුස්ලිම් ඇඳුම වගේම මුස්ලිම් ආගමත් එපාවෙන කාලය වැඩි ඈතක නැහැ. වර්තමානයේ, සෞදි කාන්තාවන් බුද්ධිමත්... දැනටමත් මැදපෙරදිග මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගමෙන් බැහැරවීමේ ප්‍රතිශතය වැඩිවෙලා...
ඒක හොඳ වැඩක්?
ලාංකික දඩිමතධාරි සෞදි වන්දනා කරන මුස්ලිම් බහුතර ජනතාවට කනේ පහරක්...