සරණාගතයින් සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ යෝජනාවලට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී ඇත.

මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් ඇමරිකාවට ඇතුළුවීමට අයදුම්පත් යොමුකිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

සරණාගතයින් සඳහා නීති ගෙන එන බවට ට්‍රම්ප් මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී පොරොන්දුවක් ද ලබාදී තිබුණි.

තීන්දුව අනුව සරණාගතයින් ඇමරිකාවේ සරණාගතභාවය ලැබීමට පෙර මෙක්සිකෝවේ හෝ වෙනත් රටක සරණාගතභාවය ලබා සිටිය යුතුය.

ට්‍රම්ප් මහතා මෙම තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

(ඒ.එෆ්.පී ඇසුරෙනි)

-226-