බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ රෝහලක ඇති වූ ගින්නකින් 10 ක් මියගොස් ඇතැයි ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය.
රියෝ නගරයේ උතුරු පෙදෙසට වන්නට පිහිටි බදිම් රෝහලේ මෙම ගින්න ඇති වී තිබේ. ගින්න ඇති වී තිබෙන්නේ ඊයේ (13) පස්වරුවේ යැයි ද වාර්තා වේ.
ගින්නත් සමඟ රෝහලේ සිටි සියලු දෙනා ඒ ආසන්න වීදිවලට පැමිණ තිබෙන අතර රෝගීන් ඔවුන්ගේ ඇඳන් පිටින්ම පිටතට ගෙනැවිත් තිබෙන අයුරු දක්නට ලැබුණු බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. වෛද්‍යවරුන් සහ හෙදියන් වීදිවල සිට රෝගීන්ට ප්‍රතිකාර කළ බව ද වාර්තා විය.
ගින්නෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ගිනි නිවන සේවා උපුටා දක්වමින් ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. මියගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳව තවමත් නිශ්චිතව කිසිවක් කිව නොහැකි යැයි ද රියෝ ගිනි නිවන සේවය සඳහන් කළේය.
පැය දෙකකට පසුව ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් සමත් වූ බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
රොයිටර්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd