බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ රෝහලක ඇති වූ ගින්නකින් 10 ක් මියගොස් ඇතැයි ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය.
රියෝ නගරයේ උතුරු පෙදෙසට වන්නට පිහිටි බදිම් රෝහලේ මෙම ගින්න ඇති වී තිබේ. ගින්න ඇති වී තිබෙන්නේ ඊයේ (13) පස්වරුවේ යැයි ද වාර්තා වේ.
ගින්නත් සමඟ රෝහලේ සිටි සියලු දෙනා ඒ ආසන්න වීදිවලට පැමිණ තිබෙන අතර රෝගීන් ඔවුන්ගේ ඇඳන් පිටින්ම පිටතට ගෙනැවිත් තිබෙන අයුරු දක්නට ලැබුණු බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. වෛද්‍යවරුන් සහ හෙදියන් වීදිවල සිට රෝගීන්ට ප්‍රතිකාර කළ බව ද වාර්තා විය.
ගින්නෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ගිනි නිවන සේවා උපුටා දක්වමින් ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. මියගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳව තවමත් නිශ්චිතව කිසිවක් කිව නොහැකි යැයි ද රියෝ ගිනි නිවන සේවය සඳහන් කළේය.
පැය දෙකකට පසුව ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් සමත් වූ බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
රොයිටර්ස් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ රෝහලක ගින්නකින් 10 ක් මරුට