කොළොම්බියාවේ පොපායන් නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් හත්දෙනකු මියගොස් ඇත.

යානයේ නවදෙනකු ගමන්කර ඇති බවත් දිවිබේරාගත් දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් කොළොම්බියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

පොපායන් නගරයේ ගුවන් තොටුපලින් ගුවන් ගතවූ යානය සුළු මොහොතකින් අනතුරට පත්වී අසළ පිහිටි නිවෙස් කිහිපයක් මතට කඩාවැටී ඇති බවද එම නිවෙස්වලට අලාභ හානි සිදුවී ඇති බවද බලධාරීහු පවසති.

කොළොම්බියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)