ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (11) ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ පීඩාවට පත් වූ පිරිස සිහිපත් කරමින් පැවැති සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ගටගනයට එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ගොඩනැගිලිවලට ගුවන් යානා කඩා වැටීමට සැලැස්වීමෙන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අල්කයිඩා සංවිධානයයි.
තලේබාන් සංවිධානය සහ ඇමෙරිකානු බලධාරීන් අතර වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ සාකච්ඡා පැවැති අතර අවසන් වරට පැවැති සාකච්ඡා වටයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇතිවිණි.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර පැවැසීය.
එහෙත් තලේබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබළකු මියයාමත් සමඟ සාම සාකච්ඡා අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කළේය.
තලේබාන් සංවිධානයට මීට පෙර කිසිදු අවස්ථාවක නොකළ ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සැමරුම් උත්සවය අමතමින් වැඩිදුරටත් පැවැසීය.
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘තලේබාන් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා‘‘
රවින් Thursday, 12 September 2019 02:52 AM
අපි නම් මුල ඉඳලා දැනගෙන හිටියා ඔය සාකච්ඡා තියන කොට කපන්න බැරි අත සිඹින්න හදනවා කියලා. ඒකාධිපතිත්වයෙන් සාම සාකච්චා තිබීම කිසිඳු පල රහිත බව නොදැනද සාකච්ඡා තිබ්බේ? මේ ගොල්ලෝ ගිය ගිය තැන කරන්නේ ඒ ගොල්ලන්ගේ කොන්දේසිවලට පමණක් යටත්ව සෑම ගිවිසුමක්ම අනුමත වියයුතු යන මානසිකත්වයෙන් යුතුවයි. ඔය අපේ රටේත් වලිකන්නේ ඒ වැඩේම කරන්නයි.
nimal Thursday, 12 September 2019 04:25 AM
රුසියානු හමුදා විසින් අපූරුවට ත්‍රස්තවාදය මර්දනය කරලා තිබුණු රටක්. මදැයි අමෙරිකාව රුසියානු හමුදාවට විරුද්ධව ත්‍රස්තවාදීන් පුහුණු කරලා ඉල්ලගෙන කනවා.
ධම්ම Friday, 13 September 2019 03:26 AM
ගහලා බලන්න ට්‍රම්ප් මහත්තයා. ඉරාකයට, ලිබියාවට ගැහුවා වගේ ලේසිවෙන්නේ නැහැ. තලේබාන් යනු රජයක් හෝ වැටුපට වැඩකරන කුලී හමුදාවක් නොවේ. ඔවුන් සටන්කරන්නේ තමන්ගේ රට ආක්‍රමණිකයින්ගෙන් බේරාගන්නයි...