දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් 600ක් පමණ නැවත සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව නයිජීරියානු බලධාරීහු පවසති.
දකුණු අප්‍රිකාව හා නයිජීරියාව අතර වර්ධනය වෙමින් පවතින මතබේදකාරී තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.
මොවුන්ගෙන් කොටසක් ගුවන් යානා දෙකක් මගින් බදාදා දිනයේ නයිජීරියාවට යැවෙනු ඇති බව ජොහැන්ස්බර්ග්හි සිටින නයිජීරියානු කොන්සල් වරයා පවසයි.
අප්‍රිකානු අර්ධද්වීපයේ සංවර්ධිතම රට ලෙස සැලකෙන දකුණු අප්‍රිකාව වෙත බොහෝ සංක්‍රමණිකයින් පැමිණෙන බවත් ඒ හේතුවෙන් ස්වදේශිකයින්ට රැකියා අවස්ථා අහිමිව ඇති බවත් බලධාරීහු පවසති.
විදේශිකයින් රැකියා සඳහා පැමිණීම සම්බන්ධව ලොරි රථ රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් පසුගිය සතියේ ඇතිවූ ගැටුම් වලින් විදේශිකයින් දෙදෙනකු ඇතුළු දසදෙනකු මියගියහ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් නැවත ගෙන්වාගැනීමට පියවර