IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණය නීති විරෝධි යැයි අධිකරණ තීන්දුවක්

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීති විරෝධී යැයි ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය තීන්දු කර ඇත.

අගමැතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් දේශපාලනඥයන් පිරිසක් අධිකරණයට ගිය අතර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අදාළ තීන්දුව ලබා දී තිබේ.

අගමැතිවරයා පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීරණය ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම සහ වගකීම වැළැක්වීමට ගන්නා තීරණයක් යැයි තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද එම විනිසුරුවරු කීහ.

මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන එය ලබන සතියේ ලන්ඩන් නුවරදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීමට නියමිතය.

අගමැතිවරයා නීති කඩ කර නැතැයි පසුගිය සතියේදී තීන්දුවක් දුන් අතර ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය දුන් මෙම නව තීන්දුවත් සමඟ පසුගිය සතියේදී දුන් තීන්දුව අවලංගු විය.

පාර්ලිමේන්තු සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කළ අතර එය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමක් යැයි පැවැසුණි. එය අඟහරුවාදා (10) ආරම්භ විය.

මේ අනුව මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු පැමිණෙන්නේ ඔක්තෝබර් 14 වැනිදාය. එහිදි රැජිණගේ කතාව පැවැත්වෙන අතර ඇය අගමැති ජොන්සන්ගේ පාර්ලිමේන්තු සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් රාජධානිය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.

අධිකරණ තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුව කඩිනමින් නැවත කැඳවන්නැයි විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව කැඳවනවාද නැද්ද තීරණය කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව යැයි අගමැති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

බී.බී.සී. ඇසුරිනි 

055



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණය නීති විරෝධි යැයි අධිකරණ තීන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site