එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීති විරෝධී යැයි ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය තීන්දු කර ඇත.
අගමැතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් දේශපාලනඥයන් පිරිසක් අධිකරණයට ගිය අතර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අදාළ තීන්දුව ලබා දී තිබේ.
අගමැතිවරයා පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීරණය ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම සහ වගකීම වැළැක්වීමට ගන්නා තීරණයක් යැයි තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද එම විනිසුරුවරු කීහ.
මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන එය ලබන සතියේ ලන්ඩන් නුවරදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීමට නියමිතය.
අගමැතිවරයා නීති කඩ කර නැතැයි පසුගිය සතියේදී තීන්දුවක් දුන් අතර ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය දුන් මෙම නව තීන්දුවත් සමඟ පසුගිය සතියේදී දුන් තීන්දුව අවලංගු විය.
පාර්ලිමේන්තු සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කළ අතර එය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමක් යැයි පැවැසුණි. එය අඟහරුවාදා (10) ආරම්භ විය.
මේ අනුව මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු පැමිණෙන්නේ ඔක්තෝබර් 14 වැනිදාය. එහිදි රැජිණගේ කතාව පැවැත්වෙන අතර ඇය අගමැති ජොන්සන්ගේ පාර්ලිමේන්තු සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් රාජධානිය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.
අධිකරණ තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුව කඩිනමින් නැවත කැඳවන්නැයි විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව කැඳවනවාද නැද්ද තීරණය කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව යැයි අගමැති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
බී.බී.සී. ඇසුරිනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd