ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියා නගරය ආසන්නයේ පාසලක නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් දරුවන් 23 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දරුවන් තද නින්දේ පසුවූ අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති බැවින් ඔවුන්ට ගින්නෙන් බේරීමට නොහැකි වී ඇතැයි බලධාරීහු පවසති.
මියගිය දරුවන් අවුරුදු 10ත් 20ත් අතර වයසේ පසුවන අය බව මාධ්‍ය වාර්තා කර ඇත.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි විශ්වාස කරන නමුත් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.
ලයිබීරියානු ජනපති ජෝර්ජ් වී මහතා මියගිය දරුවන්ගේ පවුල් වෙත කනගාටුව පළකර ඇති අතර අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd