IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චන්ද්‍රයාන් - 2 පිහිටි ස්ථානය සොයා ගනී

 

සඳ වෙත ගොඩබස්වන අවස්ථාවේදී සන්නිවේදන සබඳතා ගිලිහී ගිය චන්ද්‍රයාන් - 2 යානය පිහිටි ස්ථානය සොයාගැනීමට හැකිවූ බව ඉන්දීය අභ්‍යවකාශ බලධාරීහු පවසති.

එසේවුවත් යානය සමඟ යළි සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට නොහැකි වූ බව ද ඔවුහු සඳහන් කරති.

ඉන්දියාව හැරුණු විට මෙතෙක් සඳ වෙත යානා යවා ඇත්තේ ඇමරිකාව, චීනය,හා රුසියාව පමණි.

මෙම වසරේ මුල් කාලයේ දී චීනය විසින් සඳවෙත යැවූ චැන්ජි - 4 යානය සඳෙහි අඳුරු පැත්තට ගොඩබස්වනු ලැබිණි.

ඉන්දියානු යානය ගොඩ බැස්වීමට නියමිතව තිබූ සඳේ දකුණු කොටසේ ධ්‍රැවීය අයිස් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

චන්ද්‍රයාන් - 2 සමඟ සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට සියලු උත්සාහයන් දරන බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

(රොයිටර් පුවත් ඇමසුරිණි - 085)



අදහස් (1)

චන්ද්‍රයාන් - 2 පිහිටි ස්ථානය සොයා ගනී

chandima Tuesday, 10 September 2019 12:04 PM

කලාපිය රටක් මෙන්ම අපේ මුල් භුමියේ මේ උත්සාහයට ජයවේවා...!!!

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site