සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට එල්ල වූ ප්‍රහාරය ඉරානයේ යුද අවි භාවිතයෙන් සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි සෞදි අරාබිය පවසයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුඵ විශේෂඥයින්ට ආරාධනා කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
ඩ්‍රෝන යාත්‍රා 10 ක් යොදාගෙන මෙම ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කර තිබුණි.
ප්‍රහාරයත් සමඟ තෙල් නිෂ්පාදනය කපා හැරීමට ද සෞදි අරාබිය තීරණය කළේය. යේමනයේ හවුති සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබීය.
(226)
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිලත් ඉහල යනවාලු? ගෑස් මිලත් ඉහල යනවාලු? හැමදාම තෙල් මිල ඉහල යනකොට වාසි ගන්නේ කවුද ? සෞදිය මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්න ඉස්සෙල්ලා තව කවුදෝ කවුදොත් කීවාලු.තව ටික දවසකින් ආයුධ හා තාක්ෂණය අවශ්‍ය වෙනවා මෙවැනි ප්‍රහාර වළක්වන්න. ඉතින් මෙය කියවන ඔබට බාරයි වැඩේ පිටපස්සේ ඉන්නේ කවුද කියලා තේරුම්ගන්න.
මේ නිව්ස්වලින් කරන්නේ ඇමරිකන් කාරයින්ගේ න්‍යාය පත්‍රයට ලෝකයේ පසුබිම් මානසිකත්වය හදන එක, රටක් අස්තාවර කරන්න කලින් මේ ගොල්ලන් ටාගට් රට ගෝනිබිල්ලා කරනවා. ගඩාෆිටත් කරේ එහෙම දෙයක්... ලිබියන් මිනිස්සුන්ට කීවා මීට වඩා නිදහසක් තියෙනවා කියලා. එ්ක නිසා මිනිස්සු ගඩාෆිව පැන්නුවා. දැන් එ් මිනිස්සුන්ට මොනවත් නෑ. ඉරානේ වගේ රටවල් වල අවුල් ඇති... එ් ගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැහැනේ.. ෂිජින් කිව්වා වගේ කරන්නේ ඇමරිකාව මේ වගේ සංකල්පවලින් දුර්භික්ෂ අපනයනය කරන එක. නිවුස් එකක් විදිහටම ගන්න. මේවා ඇත්ත කියන්න බැහැ. ඇමරිකන්කාරයා පිටිපස්සෙන් නම්...