IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෞදි තෙල් සංකීර්ණයේ ප්‍රහාරයට ඉරාන අවි භාවිතා කළ බව හෙළිවෙයි

සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට එල්ල වූ ප්‍රහාරය ඉරානයේ යුද අවි භාවිතයෙන් සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි සෞදි අරාබිය පවසයි. 
 
ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුඵ විශේෂඥයින්ට ආරාධනා කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 

ඩ්‍රෝන යාත්‍රා 10 ක් යොදාගෙන මෙම ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කර තිබුණි. 
 
ප්‍රහාරයත් සමඟ තෙල් නිෂ්පාදනය කපා හැරීමට ද සෞදි අරාබිය තීරණය කළේය. යේමනයේ හවුති සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබීය.
 
(226)

(රොයිටර් ඇසුරෙනි)



අදහස් (3)

සෞදි තෙල් සංකීර්ණයේ ප්‍රහාරයට ඉරාන අවි භාවිතා කළ බව හෙළිවෙයි

රවින් Tuesday, 17 September 2019 06:52 AM

තෙල් මිලත් ඉහල යනවාලු? ගෑස් මිලත් ඉහල යනවාලු? හැමදාම තෙල් මිල ඉහල යනකොට වාසි ගන්නේ කවුද ? සෞදිය මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්න ඉස්සෙල්ලා තව කවුදෝ කවුදොත් කීවාලු.තව ටික දවසකින් ආයුධ හා තාක්ෂණය අවශ්‍ය වෙනවා මෙවැනි ප්‍රහාර වළක්වන්න. ඉතින් මෙය කියවන ඔබට බාරයි වැඩේ පිටපස්සේ ඉන්නේ කවුද කියලා තේරුම්ගන්න.

:       31       14

LebbeWednesday, 18 September 2019 05:02 AM

විමල් වීරවංශ හැමදාමත් කියන රට තමයි.

:       0       1

බුද්ධ්ක Wednesday, 18 September 2019 01:20 AM

මේ නිව්ස්වලින් කරන්නේ ඇමරිකන් කාරයින්ගේ න්‍යාය පත්‍රයට ලෝකයේ පසුබිම් මානසිකත්වය හදන එක, රටක් අස්තාවර කරන්න කලින් මේ ගොල්ලන් ටාගට් රට ගෝනිබිල්ලා කරනවා. ගඩාෆිටත් කරේ එහෙම දෙයක්... ලිබියන් මිනිස්සුන්ට කීවා මීට වඩා නිදහසක් තියෙනවා කියලා. එ්ක නිසා මිනිස්සු ගඩාෆිව පැන්නුවා. දැන් එ් මිනිස්සුන්ට මොනවත් නෑ. ඉරානේ වගේ රටවල් වල අවුල් ඇති... එ් ගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැහැනේ.. ෂිජින් කිව්වා වගේ කරන්නේ ඇමරිකාව මේ වගේ සංකල්පවලින් දුර්භික්ෂ අපනයනය කරන එක. නිවුස් එකක් විදිහටම ගන්න. මේවා ඇත්ත කියන්න බැහැ. ඇමරිකන්කාරයා පිටිපස්සෙන් නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site