දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී පැරිස් සම්මුතියට අනුමැතිය දීමට රුසියානු අගමැති ද්මිත්‍රි මෙද්වදෙව් මහතා අද (23) පියවර ගත්තේය.
ඒ අනුව රුසියානු අගමැතිවරයා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් අගනුවරදී අත්සන් තැබූ සම්මුතියට අද නිල වශයෙන් අත්සන් තැබීය.
දේශගුණික විපර්යාස වැළැක්වීමටත් ඒ වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් 2015 වසරේදී පැරිස් සම්මුතිය ඇති කරගන්නා ලදි.
රටවල් රැසක් 2015 වසරේදී පැරිස් සම්මුතියට අත්සන් තැබුවද ඊට අත්සන් තැබූ රටවල් නිල වශයෙන් ඊට අත්සන් තැබීම එහිදි එකඟතාව ඇති කරගන්නා ලද කරුණු ක්‍රියාත්මක කරන ලද්දේ ඉන් පසුවය. රුසියාව 2016 වසරේදී අදාළ ගිවිසුම්වලට අත්සන් තැබුවද නිල වශයෙන් ඊට සම්බන්ධ නොවීය.
පැරිස් සම්මුතිය තුළින් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රටින් රටට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව ඊට අත්සන් තබන රටවලට පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීම, ගිවිසුම පිළිගැනීම සහ අනුමත කිරීමට අවස්ථාව උදා වේ. ඒ ඒ රටවල පාර්ලිමේන්තු තුළින් ඒ කටයුතු සිදු කෙරේ.
පැරිස් සම්මුතිය යටතේ තිබෙන වගකීම්වලට රුසියාවේ අනුමැතිය හිමිවන බව රුසියාව එය පිළිගැනීමට තීරණයෙන් සනාථ වන එරට රජය නිකුත් කළ නිවේදනයක ද දැක්විණි.
කාබන් වායු පිටවීම අඩු කිරීමේ ක්‍රියාවලියට එක්වීමට රුසියාවට ඉතා වැදගත් යැයි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා පැවැසීය.
“දේශගුණික විපර්යාස දැඩි අභියෝගයක්. එය පාරිසරික සමබරතාව විනාශ කරනවා. ඒ වගේම ප්‍රධාන කර්මාන්ත සාර්ථකව සංවර්ධනය වීමට බලපෑම් එල්ල කරනවා. ස්වභාවික විපත් හා ව්‍යසන වැඩි කරනවා. ජනතාවගේ ජීවිතවල ආරක්ෂාවට තර්ජනයක්” යැයි රුසියානු අගමැතිවරයා කීවේය.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට රාජ්‍ය නායකයන් පවා පැමිණෙන නමුත් රුසියාවෙන් ඊට සහභාගී වන්නේ නියෝජ්‍ය පරිසර අමාත්‍යවරයෙකි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd