IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පැරිස් සම්මුතියට අනුමැතිය දෙන්න රුසියානු අගමැති පියවර ගනී

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී පැරිස් සම්මුතියට අනුමැතිය දීමට රුසියානු අගමැති ද්මිත්‍රි මෙද්වදෙව් මහතා අද (23) පියවර ගත්තේය.

ඒ අනුව රුසියානු අගමැතිවරයා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් අගනුවරදී අත්සන් තැබූ සම්මුතියට අද නිල වශයෙන් අත්සන් තැබීය.

දේශගුණික විපර්යාස වැළැක්වීමටත් ඒ වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් 2015 වසරේදී පැරිස් සම්මුතිය ඇති කරගන්නා ලදි.

රටවල් රැසක් 2015 වසරේදී පැරිස් සම්මුතියට අත්සන් තැබුවද ඊට අත්සන් තැබූ රටවල් නිල වශයෙන් ඊට අත්සන් තැබීම එහිදි එකඟතාව ඇති කරගන්නා ලද කරුණු ක්‍රියාත්මක කරන ලද්දේ ඉන් පසුවය. රුසියාව 2016 වසරේදී අදාළ ගිවිසුම්වලට අත්සන් තැබුවද නිල වශයෙන් ඊට සම්බන්ධ නොවීය.

පැරිස් සම්මුතිය තුළින් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රටින් රටට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව ඊට අත්සන් තබන රටවලට පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීම, ගිවිසුම පිළිගැනීම සහ අනුමත කිරීමට අවස්ථාව උදා වේ. ඒ ඒ රටවල පාර්ලිමේන්තු තුළින් ඒ කටයුතු සිදු කෙරේ.

පැරිස් සම්මුතිය යටතේ තිබෙන වගකීම්වලට රුසියාවේ අනුමැතිය හිමිවන බව රුසියාව එය පිළිගැනීමට තීරණයෙන් සනාථ වන එරට රජය නිකුත් කළ නිවේදනයක ද දැක්විණි.

කාබන් වායු පිටවීම අඩු කිරීමේ ක්‍රියාවලියට එක්වීමට රුසියාවට ඉතා වැදගත් යැයි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා පැවැසීය.

“දේශගුණික විපර්යාස දැඩි අභියෝගයක්. එය පාරිසරික සමබරතාව විනාශ කරනවා. ඒ වගේම ප්‍රධාන කර්මාන්ත සාර්ථකව සංවර්ධනය වීමට බලපෑම් එල්ල කරනවා. ස්වභාවික විපත් හා ව්‍යසන වැඩි කරනවා. ජනතාවගේ ජීවිතවල ආරක්ෂාවට තර්ජනයක්” යැයි රුසියානු අගමැතිවරයා කීවේය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට රාජ්‍ය නායකයන් පවා පැමිණෙන නමුත් රුසියාවෙන් ඊට සහභාගී වන්නේ නියෝජ්‍ය පරිසර අමාත්‍යවරයෙකි.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

පැරිස් සම්මුතියට අනුමැතිය දෙන්න රුසියානු අගමැති පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site