ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් එක් අයකු මියගොස් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ප්‍රධාන විරෝධතා රැළිය බැග්බෑඩ් නගරයේ පැවැත්වුණු අතර විරැකියාවට, දූෂණයට හා පොදු සේවා පවත්වාගෙන යෑමට අපොහොසත් වීම සම්බන්ධව විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් හඬ නැගූහ.
තුවාල ලැබූ අය අතර ආරක්ෂක අංශවල 40 දෙනකු ද සිටින බව සඳහන් වේ.
3000ක පමණ විරෝධතාකරුවන් පිරිසක් රජයේ කාර්යාල හා විදෙස් තානාපති කාර්යාල පිහිටි භූමි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ඉරාක හමුදාව විසින් වෙඩි තබා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාකයේ විරෝධතාකරුවන්ට කළ ප්‍රහාරයකින් 200 කට තුවාල