විදෙස් සංචාරකයින්ට සෞදි අරාබියට පැමිණීම සඳහා ප්‍රථම වරට සංචාරක වීසා නිකුත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.
ඊයේ ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ වීසා සඳහා අන්තර්ජාලය මඟින් අයදුම්කළ හැකි අතර රටවල් 49 ක සංචාරකයින්ට ඒ ඔස්සේ සෞදි අරාබියට පැමිණීමට අවස්ථාව හිමිකර දී තිබේ.
සෞදි අරාබිය දැඩි ඉස්ලාමීය ආගමික පාලනයක් සහිත රටක් වන බැවින් විදෙස් සංචාරකයින්ට එරටට පැමිණීම තහනම් කර තිබුණි.
කෙසේ වුවත් සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණවල එක් අංගයක් ලෙස විදෙස් සංචාරක තහනම ඉවත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.
සංචාරක තහනම ඉවත් වුව ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගර ලෙස සැලකෙන මක්කම සහ මෙදීනා නගරවලට ඇතුළු වීම මුස්ලිම් ජාතිකයන් නොවන පුද්ගලයින්ට තවදුරටත් තහනම් වන අතර මත්පැන් සඳහා වන තහනම ද තවදුරටත් බලපැවැත්වේ.
2030 වසර වන විට සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 සිට සියයට 10 දක්වා ගෙන ඒම සෞදි රජයේ අරමුණයි.
එසේම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියා මිලියනයක් ඇති කිරීම ද සෞදි රජයේ තවත් අපේක්ෂාවකි.

-226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරෙට යන්නම නල්ලමලේ රට
හා ඒක ඇත්ත. ඒකේ මොනවද බලන්න තියෙන්නේ.
බුදු අම්මේ ඔය දිහා බලාගෙන බත්වත් කන්න හොඳ නෑ.