විදෙස් සංචාරකයින්ට සෞදි අරාබියට පැමිණීම සඳහා ප්‍රථම වරට සංචාරක වීසා නිකුත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.
ඊයේ ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ වීසා සඳහා අන්තර්ජාලය මඟින් අයදුම්කළ හැකි අතර රටවල් 49 ක සංචාරකයින්ට ඒ ඔස්සේ සෞදි අරාබියට පැමිණීමට අවස්ථාව හිමිකර දී තිබේ.
සෞදි අරාබිය දැඩි ඉස්ලාමීය ආගමික පාලනයක් සහිත රටක් වන බැවින් විදෙස් සංචාරකයින්ට එරටට පැමිණීම තහනම් කර තිබුණි.
කෙසේ වුවත් සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණවල එක් අංගයක් ලෙස විදෙස් සංචාරක තහනම ඉවත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.
සංචාරක තහනම ඉවත් වුව ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගර ලෙස සැලකෙන මක්කම සහ මෙදීනා නගරවලට ඇතුළු වීම මුස්ලිම් ජාතිකයන් නොවන පුද්ගලයින්ට තවදුරටත් තහනම් වන අතර මත්පැන් සඳහා වන තහනම ද තවදුරටත් බලපැවැත්වේ.
2030 වසර වන විට සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 සිට සියයට 10 දක්වා ගෙන ඒම සෞදි රජයේ අරමුණයි.
එසේම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියා මිලියනයක් ඇති කිරීම ද සෞදි රජයේ තවත් අපේක්ෂාවකි.

-226
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රථම වරට සෞදි අරාබියෙන් සංචාරක වීසා
රිතික් Saturday, 28 September 2019 03:39 PM
සංචාරෙට යන්නම නල්ලමලේ රට
viraj Tuesday, 01 October 2019 03:53 AM
හා ඒක ඇත්ත. ඒකේ මොනවද බලන්න තියෙන්නේ.
ලක්ෂි Tuesday, 01 October 2019 04:30 PM
බුදු අම්මේ ඔය දිහා බලාගෙන බත්වත් කන්න හොඳ නෑ.