චීනය අඛණ්ඩව සාමකාමී සංවර්ධන මාවතේ රැඳී සිටින බවත් එසේ වුවත් හමුදාව ස්ථීර වශයෙන්ම රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (1) ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
චීනයේ විශේෂිත පරිපාලන ප්‍රදේශවන හොංකොං සහ මැකාවූවල සෞභාග්‍ය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතු බව ද ජනාධිපති ෂී ජින්පින්ග් මහතා කීවේය.
ස්වයං පාලනයක් තිබෙන තායිවානය සමඟ සාමකාමී සංවර්ධනයක් සහිත සබඳතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා තවදුරටත් කීය.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd