IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජැක් ෂිරාක් සමුගනී

ප‍්‍රංශයේ  පස්වැනි  ජනාධිපති වු වසර 12ක් ජනාධිපති ධූරය හෙබවූ ජැක් ෂිරාක් මහතා පැරිස් කළාප අංක 06 හි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප‍්‍රාප්ත විය.

ඊයේ( 26)  වැනිදා ඔහු අභාවප්‍රාප්ත වූ අතර  එදින දහවල් ඔහුගේ බෑනා වන ෆ්‍රෙඩිරික් සලාත් බාරූක්ස් විසින් ජනාධිපති මන්දිරයට ඒ පිළිබඳව දැන්වීමෙන් අනතුරුව  ඒ වනවිට පැවැති විශේෂ විවාදයක් අතර මග නැවතූ කතානායකවරයා දහවල් 12ට පමණ  විනාඩි 02ක නිෂ්ශබ්දතාවයක් පවත්වා ශෝකය ප්‍රකාශ කළේය.සෙනට් සභාවත් එම වේලාවටම ශෝකය  ප‍්‍රකාශ කළේය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා එදින රාත‍්‍රී 8.00 ට ජාතිය අමතා ශෝකය ප‍්‍රකාශ කළේය. 

හිටපු ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු 30 වැනිදා සඳුදා  දහවල් 12.00 ට පැරීසියේ ශාන්ත සල්පිස් කතෝලික දේවස්ථානයේදී රාජ්‍ය ගෞරව ඇතුව සිදු කිරීමට නියමිතය. රාජ්‍ය නායකයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

30 වැනි සඳුදා ප්‍රංශයේ ජාතික ශෝක දිනයක් ලෙසද ප‍්‍රකාශයට පත් කර තිබේ.

ජැක් ෂිරාක් මහතා මිය යන විට පදිංචිව සිටියේ ඔහුගේ දුර්වල සෞඛ්‍යය තත්වයට සරිලනසේ සැකසූ පැරිස් කළාප අංක 06හී පිහිටි නිවසකය. එම නිවස ඔහුගේ ළඟම මිතුරෙකු වන ප‍්‍රංශයේ දෙවන කෝටිපතියා වන ප‍්‍රංශුවා පිනෝල්ට්ට හිමි නිවසකි.

1932 දී පැරිස් කළාප අංක 05හී දී ඉපැදුන ජැක් රෙනේ සිරාක් පවුලේ සිටි එකම පිරිමි දරුවාය. පාසැල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරමින් උපාධි රැසක් හිමි කර ගත් දීප්තිමත් ශිෂ්‍යයෙකි. 1954 දි ප‍්‍රංශයේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වූ සයන්ස් හී දේශපාලන විද්‍යාව හැදැරුවේය. 1959 දි රාජ්‍ය කළමනාකරණය පිළිබඳ  ප‍්‍රංශයේ පිළිගත් විද්‍යා ඇකඩමියේ දීප්තිමත් සිසුවෙක් විය.

1965 දී දේශපාලනයට පිවිසි ඔහු දශක පහක දේශපාලන පන්නරයක් ඇති දශක දෙකක පමණ පැරීසියේ නගරාධිපති වරයාව සිට, පසුව ඇමති, අගමැති තනතුරුද හොබවා වසර 12 ක් ප‍්‍රංශයේ පස්වන ජනාධිපතිවරයා විය. 

ප‍්‍රංශයේ ගොවියන් අතර ජනප‍්‍රියම ජනාධිපති ඔහුය. ඔහුගේ ප‍්‍රථම වසර හතක ධුර කාලයේ ප‍්‍රංශ ජනතාව අතර ඉතාම ජනප‍්‍රිය පුද්ගලයා විය. එය සියයට හැත්තෑ දෙකක් පමණ වුයේය. 

දෙවන ධුර කාලයේදි සමාජවාදි ආණ්ඩුව විසින් සම්මත කළ ජනාධිපති ධුර කාලය වසර පහ දක්වා අඩු කිරීම සදහා වු පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනයට ඔහු අත්සන් තැබීය. එවැනි ගුණ හිමි ඔහුට විරුද්ධව එළ්ලවූ චෝදනාවකට අනුව 2011 දෙසැම්බර් මස 15 වෙනිදා මහජන මුදල් අයුතු ලෙස පරිහරනය කිරීම, හා මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වී වසර දෙකක අත්හිටවු සිර දඬුවමක් ප‍්‍රංශයේ ඉහළ අධිකරනයේ ඩොමිනික් පෝත් : විනිසුරුතුමා නියම කළේය. ප‍්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට සිර දඬුවමක් නියම වූ ප‍්‍රථම අවස්ථාව ද එයවේ.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 

 



අදහස් (0)

ජැක් ෂිරාක් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site