චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් විචිත්‍රවත් උත්සවයක් චීනයේ බීජිං නුවරදී අද (1) පැවැත්විණි.

ටිනන්මෙන් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැති වර්ණවත් පෙරහැරක් උත්සවයට එක්කර තිබූ අතර ඊට සිවිල් වැසියෝ 100,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. චීනය ගෝලීය සුපිරි බලවතකු ලෙස නැගී සිටීම ලොවට පෙන්වමින් මෙම විචිත්‍රවත් උත්සවයට දැවැන්ත හමුදා පෙළපාළියක් ද එක්කර තිබිණි.

චීනයේ විශිෂ්ටතම නායකයන් ලෙස සැලකෙන මාඕ සේතුං, ඩන්ග් ෂාඕපින්ග් යන අයගේ දැවැන්ත ඡායාරූප ද පෙරහැරේදී රැගෙන ලදි. ඩන්ග් ෂාඕපින්ග් යනු චීනය ලෝකයට විවෘත කරමින් එරට ආර්ථිකය ප්‍රතිසංස්කරණයකට ලක් කළ නායකායය.

පෙරහැරේදී චීනයේ වත්මන් නායකයා ෂී ජින්පින්ගේ ඡායාරූපයක් ද රැගෙන යන ලදි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මාඕ සේතුංගෙන් පසු තම ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගත් පළමු වැන්නාය. තම දේශපාලන දර්ශනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළ චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ද හඳුන්වා දී තිබේ. ඔහු “චීනය නැවතත් විශිෂ්ටත්වයට” පත් කිරීමේ සැලසුම් රැසක් ද ක්‍රියාවට නංවා ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් වංචා දූෂණ වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ දූෂිත නිලධාරීන් මිලියනකට වැඩි පිරිසකට දඬුවම් කර ඇත. කෙසේ නමුත් ඔහුගේ එම වැඩසටහන ප්‍රතිවාදී දේශපාලනඥයන් අතුගා දැමීමට ක්‍රියාත්මක කරන්නනක් බවට ද විවේචන එල්ල වී තිබේ.

ෂී ජින්පින්ග්ට පෙර ජනාධිපති ධුරය හෙබ වූ හූ ජින්තාවෝ සහ ජියැන්ග් සෙමි යන නායකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තීරයක් මාවත් ව්‍යාපෘතිය (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) චීන ජනාධිතිවරයාගේ සැලැසුමකට අනුව ක්‍රියාත්මක වන අතර එහි සමස්ත ගෝලීය ආයෝජනය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියනක් යැයි පැවසේ. එම ව්‍යාපෘතිය චීන බලපෑම ව්‍යාප්ත කිරීමට කරමින් රටවල් ණය උගුලකට හසු කරගන්නැක් යැයි ද බටහිර රටවල් චෝදනා කරයි.

චීනය දරිද්‍රතාව තුරන් කර ලෝක බලවතකු බවට වූ බවට අයුරු ලෝකයට කියා පෑමට ද මෙම විචිත්‍රවත් පෙරහැරෙන් උත්සාහ ගෙන තිබිණි.

ඒ.එෆ්.පී. 

055