IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මෝසම් වැසි නිසා ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ 244 ක් මරුට

මෝසම් වැසි හේතුවෙන් පසුගිය සතිය තුළ  ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 244 දෙනකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ හා සහන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මහ වැසි හේතුවෙන් සිදුව ඇති ආපදා නිසා උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති බවයි. 
 
දියේ ගිලීමෙන් සිදුවූ මරණ හා අකුණු සැර වැදීමෙන් සිදුවූ මරණවලට අමතරව ගංවතුරට ලක්වූ ප්‍රදේශවල දී සර්ප දෂ්ඨය හේතුවෙන් ද අවම වශයෙන් පස් දෙනකු හෝ මියගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ.
 
පූජනීය නගරයක් වන වරනාසි ප්‍රදේශයට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී මිලි මීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හින්දු බැතිමතුන් දහස් ගණනක් භාවිතා කරන ගංඟා ගඟේ නාන ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ.
 
ඉන්දියාව විසින් ගංවතුර අවදානම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර නගර කිහිපයක ම පාසල් ද වසා දමා තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.පී.ගුප්තා පවසා ඇත්තේ සඳුදා දිනයෙන් පසු වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යනු ඇති බවයි.  
 
(ද ගාඩියන් ඇසුරිණි - 085)
 



අදහස් (0)

මෝසම් වැසි නිසා ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ 244 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site