මෝසම් වැසි හේතුවෙන් පසුගිය සතිය තුළ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 244 දෙනකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ හා සහන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මහ වැසි හේතුවෙන් සිදුව ඇති ආපදා නිසා උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති බවයි.
දියේ ගිලීමෙන් සිදුවූ මරණ හා අකුණු සැර වැදීමෙන් සිදුවූ මරණවලට අමතරව ගංවතුරට ලක්වූ ප්‍රදේශවල දී සර්ප දෂ්ඨය හේතුවෙන් ද අවම වශයෙන් පස් දෙනකු හෝ මියගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ.
පූජනීය නගරයක් වන වරනාසි ප්‍රදේශයට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී මිලි මීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හින්දු බැතිමතුන් දහස් ගණනක් භාවිතා කරන ගංඟා ගඟේ නාන ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ.
ඉන්දියාව විසින් ගංවතුර අවදානම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර නගර කිහිපයක ම පාසල් ද වසා දමා තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.පී.ගුප්තා පවසා ඇත්තේ සඳුදා දිනයෙන් පසු වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යනු ඇති බවයි.
(ද ගාඩියන් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd