රුසියාවේ විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කරන්නැයි ඉල්ලමින් මොස්කව් ඇතුළු රටපුරා නගරවල පැවැති විරෝධතාවලට 3,000 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත. 31 January 2021
කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. 30 January 2021
නවදිල්ලි නුවර පිපිරීමක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරියේ සිදු වූ පිපිරීමකින් මෝටර් රථ කිහිපයකට හානි සිදු වූ බව පොලිසිය අද (29) පස්වරුවේ සඳහන් කළේය. 29 January 2021
රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 4 ක් මරුට රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 29 January 2021
කොවිඩ් පාලනයේදී ලංකාව පළමු 10 අතරට ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 28 January 2021
ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 27 January 2021
රත්රන් පතලක සිරවී සිටි චීන කම්කරුවෝ 11 ක් බේරාගනිති චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි. 24 January 2021
යුක්රේනයේ ගින්නකින් 15ක් මරුට නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් නගරයේ වැඩිහිටියන් සඳහා වෙන් කරන ලද නේවාසික නිවස්නයක ඇති වූ ගින්නකින් 15 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. 22 January 2021
මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 21 January 2021
මොංගෝලියාවේ අගමැති ඉල්ලා අස්වෙයි කොරෝනා ආසාදිත මවකට සහ ඇයගේ අලුත් උපන් දරුවාට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා මොංගෝලියාවේ අග්‍රාමාත්‍ය කුරෙල්සුක් උක්නා මහතා අද (21) එම ධුරයෙන් ඉල්ලා අස් විය. 21 January 2021
යම් ආකාරයකින් නැවත පැමිණෙනවා - ට්‍රම්ප් තමන් ඇමෙරිකා ධුරය හෙබ වූ වසර හතර ‘‘විශ්වාස කළ නොහැකි සුවිශේෂී වසර හතරක්’’ බවත් ‘‘යම් ආකාරයකින් නැවත පැමිණෙන’’ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) ප්‍රකාශ කළේය. 21 January 2021
ස්පාඤ්ඤයේ මැඩිරිඩ් නගරයේ පිපිරීමකින් තිදෙනකු මරුට ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නගරයේ සිදුවූ පිපිරීමකින් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති අතර පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 20 January 2021
රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරික ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරිකයකු වන ඇලෙක්සි නවාල්නි රටට ඇතුළු වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 18 January 2021
ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. 18 January 2021
පළමු දිනයේදීම ඉන්දියාවේ එක්ලක්ෂ අනූ එක් දහසට එන්නත ඉන්දියාව සිය ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන අද (17) ආරම්භ කළ අතර පළමු දිනයේදී එක්ලක්ෂ අනූ එක් දහසකට එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශ සමත් විය. 17 January 2021
නේපාල කඳු නගින්නන් පිරිසකගෙන් ලෝක වාර්තාවක් නේපාල කඳු නගින්නන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ළඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. 17 January 2021
ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද පුපුරා යයි ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 17 January 2021
ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසු මිය ගිය පිරිස ගැන පරීක්ෂණයක් කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නොර්වේ රජය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. 17 January 2021
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ. 16 January 2021
උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ’ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල කිහිපයක් ප්‍රදර්ශනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 15 January 2021
බංගලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ගින්නකින් නිවාස 550ක් විනාශයි බංගලාදේශයේ දකුණු දිග නයපාරා රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නකින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 15 January 2021
කොරෝනා ගැන සොයන්න පර්යේෂණ කණ්ඩායම චීනයට යයි කොවිඩ්-19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ. 14 January 2021
කොරෝනා යළිත් පැතිරීමෙන් චීනයේ හිබෙයි පළාත අගුලු දමයි කොරෝනා වයිරසය පාලනය කළ රටක් ලෙස හැඳින්වෙන චීනයේ හිබෙයි පළාත තුළ මේ වනවිට නැවත වරක් වයිරසය පැතිරෙමින් තිබෙන අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගුලුදමා ඇත. මිලියන 20 කට වැඩි පිරිසක් එම ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිටිති. 14 January 2021
සමන්තා පවර් යු.එස්.එයිඩ් ලොකු පුටුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් මහත්මිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා පියවර ගත්තේ ය. 14 January 2021
ඉතියෝපියාවේ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 80 ක් මරුට ඉතියෝපියාවේ සුඩාන මායිමේ පිහිටි බෙනිෂාන්ගුල් - ගුමුස් ප්‍රදේශයේදී සිවිල් වැසියන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් 80 දෙනකු පමණ මියගොස් තිබේ. 13 January 2021
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ 40 ක් මරුට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ, සිරියානු සොල්දාදුවන් නවදෙනකු සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් 31 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. 13 January 2021
ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාව අත්හිටුවයි ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත. 13 January 2021
මැලේසියාව රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. 12 January 2021
මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට යයි මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ. 11 January 2021
පාප්තුමාගේ වෛද්‍යවරයා කොරෝනාවෙන් මිය යයි අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්ව ඇත. 10 January 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026