දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබියදී ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ බටහිර ත්‍රිපුර පරිපාලන දිස්ත්‍රික්කයේ පැවැති විවාහ මංගල්‍යය උත්සව දෙකක් පොලිසියේ මැදිහත් වීමෙන් නවතා දමා ඇත.
බටහිර ත්‍රිපුර දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාගේ මැදිහත්වීමෙන් මෙම විවාහ මංගල්‍යය උත්සව දෙක නවතා දමා ඇති අතර මෙම විවාහ මංගල්‍යය උත්සව දෙකකට විශාල පිරිසක් සහභාගී වී සිට ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පියවර නොගැනීමට සම්බන්ධයෙන් මෙම දිස්ත්‍රික්කයේ අයි.ඒ.එස් නිලධාරියා වන සයිලේෂ් කුමාර් ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දොස් නගා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එක් විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වී සිටි පිරිස අතරින් පුද්ගලයන් 31 දෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘කොවිඩ්-19’ සෞඛ්‍ය පිළිවෙත් උල්ලංඝණය කිරීමට ඉඩ දී බලා දීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සයිලේෂ් කුමාර් එක් විවාහ මංගල්‍යය උත්සවයකට රැස්ව සිටින පිරිස අත්අඩංගුවට ගන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන අතර ඊට සහභාගී වී සිටින පිරිසට පහර දෙන අයුරු දැක්වන විඩියෝවක් ද ඉන්දීය සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් ප්‍රචාරය වෙමින් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වී සිටි සියලු දෙනා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කර ඇත්තේ අපරාධයක් බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිලේෂ් කුමාර් පැවැසීය.
ජනතාව නිරන්තරයෙන් පැමිණිලි කර තිබියදී ඒවාට පියවර නොගනිමින් ‘කොවිඩ්-19’ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් උල්ලංඝණය කිරීමට ඉඩ දීමේ චෝදනා යටතේ බටහිර ත්‍රිපුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන්නැයි ප්‍රාන්ත ආණ්ඩුවට නිර්දේශ කරන බව ද හෙතෙම කීය.
කෙසේ නමුත් විවාහ මංගල්‍යය උත්සවයට අවසර ගෙන තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර සයිලේෂ් කුමාර් එම අවසර පත්‍ර ඉරා විසි කරන අයුරු ද සමාජ මාධ්‍ය තුළ තිබෙන විඩියෝ පටයේ දැක්වේ.
මෙම සිදුවීම චිත්‍රපට ජවනිකාවක් හා සමාන යැයි ද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ප්‍රදේශයේ අනෙකුත් විවාහ මංගල්‍ය උත්සව වටලන ලෙස ද නිලධාරී සයිලේෂ් කුමාර් පොලිසියට නියෝග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මංගල උත්සව නැවැත්වීමට පියවර