IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තුර්කිය ලොක්ඩවුන්

කොවිඩ් -19  සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද (29) සිට මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කළේය.

මීට පෙර තුර්කියට සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරිනීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ ‌මෙලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව තුර්කි රජය කියා සිටඋ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවන බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.

මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරතවන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි බව සඳහන් වේ.

නගර අතර ගමන් කිරීම සඳහා අදාළ අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන බවත් තුර්කි රජය කියා සිටී.

පසුගිය පැය 24 තුළ තුර්කියෙන් නව කොරෝනා ආසාදිතයින් 40,444 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව  341ක් බව විදෙස් මාධ්‍ය වාර්තා

(රොයිටර්)



අදහස් (0)

තුර්කිය ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site